Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙරළේදීත් කරාටේ තරගාවලියක්

වෙරළේදීත් කරාටේ තරගාවලියක්

නාමල් පතිරගේ - 2020 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පළමු වතාවට  වෙරළ කරාටේ තරගාවලියක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනය සැරසේ. ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට මෙම තරගාවලිය සඳහා මීගමුව හෝ හම්බන්තොට යන වෙරළ තීර දෙකෙන් එකක් තෝරා ගැනේ.

මේ වනවිට සැලසුම් කර තිබෙන පරිදි තෝරාගත් වෙරළ තීරයේදී ලබන දෙසැම්ර් 15 වැනිදා පළමු වෙරළ කරාටේ තරගාවලිය පැවැත්වීමට මූලික සැලසුම් සකස්කර ඇතැයි කරාටේ දෝ සම්මේලනයේ ලේකම් කීර්ති කුමාර බස්නායක මහතා පවසයි.

එම සම්මේලනයේ නිලවරණය (2020-21) පසුගියදා පැවැත්වීමෙන් පසුව විධායක සභාවේ පළමු හමුව සභාපති එම්.එච්. සිසිර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මේලන මූලස්ථානයේදී පැවැත්වුණි. එහි විශේෂත්වය වසරක පමණ කාලයකින් පසුව කරාටේ දෝ සම්මේලනයේ විධායක සභාව රැස්වීමය. මෙම විධායක සභා රැස්වීමේදී තීරණ කීපයකටම පැමිණි බව බස්නායක මහතා පවසයි.

ඒ අනුව කොරෝනා වසංගතය රට තුළ පහව යමින් තිබෙන තත්ත්වයක් තුළ කරාටේ දෝ සම්මේලනයේ ක්‍රියාකාරකම් යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

පළමු වෙරළ කරාටේ ශූරතා තරගාවලියේ ඉසව් ‘කුමිතේ’ හා කාතා යන ප්‍රධාන කාණ්ඩ දෙකෙන්ම පැවැත්වෙන නමුත් ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වය ප්‍රායෝගික ගැටලු නිසා සීමා කිරීමට සිදුවන බව කරාටේ දෝ සම්මේලනයේ ලේකම්වරයා පවසයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ ගෘහස්ත ක්‍රීඩාංගනයකදී  නොවන, ශ්‍රී ලංකාවේදී සූදානම් කෙරෙන පළමු දේශීය වෙරළ කාරාටේ තරගාවලිය මෙය වන බවයි.

වෙරළ කරාටේ ක්‍රීඩාව මේ වනවිට රටවල් ගණනාවක ප්‍රචලිතව පවතී. වසර 2019 ඩෝහා කටාර්හිදී පැවැති ලෝක වෙරළ ක්‍රීඩා උළෙලට වෙරළ කරාටේ ඉසව්වද ඇතුළත් විය.
රටවල් 33ක්  සහභාගි වූ එහිදී කේවල කාන්තා හා පිරිමි රන් පදක්කම් දෙකම ස්පාඤ්ඤය විසින් දිනා ගන්නා ලදී.

කරාටේ සම්මේලනයේ මීළඟ විධායක සභා රැස්වීමේදී පළමු වෙරළ කරාටේ තරගාවලිය පැවැත්වෙන ස්ථානය තහවුරු කෙරෙන බව සිසිර කුමාර බස්නායක මහතා පැවසීය.

 


අදහස් (0)

වෙරළේදීත් කරාටේ තරගාවලියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.