Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විස්සයි20 තරගාවලිය මාර්තු 4 දා සිට

විස්සයි20 තරගාවලිය මාර්තු 4 දා සිට

රොෂාන් ගුණරත්න - 2021 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 4 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය. අවසන් වරට පැවැති අන්තර් සමාජ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සී.සී.සී පිල සමත්වූ අතර එහි අනුශූරතාව හලාවත මේරියන්ස් පිලට හිමිවිය.

සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වෙන අතර ඒ සඳහා ක්‍රීඩා සමාජ 26 ක් තරග වැදීමට සුදානමින් සිටිති. ‘ඒ’ සහ ‘ඩී’ කාණ්ඩ සඳහා කණ්ඩායම් 7 බැගින් ඇතුළත් වන අතර ‘බී’ සහ ‘සී’ කාණ්ඩ සඳහා කණ්ඩායම් 6 බැගින් ඇතුළත් වේ.

ඒ ඒ කාණ්ඩයන්හි මූලික වටයේ තරග වලින් ඉහළම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් 2 බැගින් කණ්ඩායම් 8 ක් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.

මූලික වටයේ තරග මාර්තු 4 වැනිදා සිට මාර්තු 14 වැනිදා දක්වා පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරග මාර්තු 16 වැනිදා පැවැත්වේ. අවසන් පූර්ව තරග මාර්තු 18 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහ තරගය මාර්තු 20 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට නියමිතව සිටියද කොරෝනා දෙවැනි රැල්ල පැමිණීමත් සමගින් නැවතත් සියළුම ක්‍රීඩා කටයුතු නතර කරන ලදී.


‘ඒ’ කාණ්ඩය -
සී.සී.සී, බදුරලිය, බී.ආර්.සී, මීගමුව, ගාල්ල, නුගේගොඩ, කැන්ඩි කස්ටම්ස්

‘බී’ කාණ්ඩය -
එන්.සී.සී, කෝල්ට්ස්, ගුවන් හමුදාව, ලන්කන්න්, වරාය අධිකාරිය, බ්ලූම්ෆීල්ඩ්,

‘සී’ කාණ්ඩය -
එස්.එස්.සී, මූවර්ස්, හලාවත මේරියන්ස්, පොලිසිය, කළුතර නාගරික, කුරුණෑගල යොවුන්

‘ඩී’ කාණ්ඩය -
රාගම, පානදුර, ද්‍රවිඩ සංගමය, නාවික හමුදාව, සැරසන්ස්, යුදහමුදාව, සෙබස්තිනයිට්ස්

 


අදහස් (0)

විස්සයි20 තරගාවලිය මාර්තු 4 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.