Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විරෝධතාව කුණු කූඩයට

විරෝධතාව කුණු කූඩයට

ශානුක අරවින්ද - 2020 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේසපන්දු සංගමයේ සභාපති ධූරයට කනක හේරත් මහතා ඉදිරිපත්වීම වළක්වන ලෙස ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ හිටපු සභාපතිවරයකු වන දයා සමරවීර මහතා ඉදිරිපත්කර තිබූ විරෝධතාව නොසලකා හැරීමට චන්දන ලියනගේ, ජී.ජී. විරක්කොඩි සහ ගාමිණි ජයසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත වූ තිපුද්ගල නිලවරණ කමිටුව තීරණය කළේය.

විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා වෙන්කර තිබූ කාල සීමාව අවසන් වීමෙන් පසුව සමරවීර මහතා සිය විරෝධතාව ඉදිරිපත් කිරීම නිසා එය සැලකිල්ලට නොගැනීමට නිලවරණ කමිටුව තීරණය කර තිබිණ.

“අපි (නිලවරණ කමිටුව) නාමයෝජනා විවෘත කළාට පස්සේ විරෝධතා ඉදිරිපත් කරන්න යම් කිසි කාලයක් ලබා දුන්නා. ඒ කාලය තුළදි විරෝධතා ඉදිරිපත් වුණොත් ඒවා විභාග කරන්නත් අපි කාලයක් වෙන් කරලයි තිබුණේ. ඒත් ඒ කාල සීමාව අවසන් වෙනකන්ම නාමයෝජනා එකකටවත් විරෝධතා ඉදිරිපත් වුණේ නැහැ. ඉතින් අපි නිලවරණයට දිනයක් යොදාගත්තා.” යයි චන්දන ලියනගේ මහතා ලංකාදීපයට පැවසීය.

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුද වන සමරවීර මහතා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට මෙම විරෝධතාව ඉදිරිපත් කර තිබූ අතර එහි පිටපත් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාට සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාටද යොමුකර තිබිණ.


අදහස් (0)

විරෝධතාව කුණු කූඩයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.