Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විනිසුරුවන් 97කට උසස්වීම්

විනිසුරුවන් 97කට උසස්වීම්

යොහාන් භාසුර - 2020 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කමිටුවේ නිර්දේශ අනුව දේශීය විනිසුරුවන් 97 දෙනකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගියදා උස්වීම් පිරිනමන ලදී.  

එහිදී විනිසුරුවන් සිවුදෙනකු පළමු ශ්‍රේණියටත්, විනිසුරුවන් 10 දෙනකු දෙවැනි ශ්‍රේණියටත්, විනිසුරුවන් 24 දෙනකු තෙවැනි ශ්‍රේණියටත් උසස් වීම් ලැබූහ. ඊට අමතරව පස්වැනි ශ්‍රේණියේ සිට හතරවැනි ශ්‍රේණිය දක්වා විනිසුරුවන් 59 දෙනකු උසස් කිරීමට නිර්දේශ වී තිබේ.

දෙවැනි ශ්‍රේණියේ කටයුතු කළ මොරිස් ඩිලා සිල්වා, සුසන්ත දිසානායක, විඳුර ප්‍රසාද් සහ සිසිර පෙරේරා යන මහත්වරු පළමු ශ්‍රේණිය දක්වා උසස්වීම් ලැබූහ.

මෙම උසස්වීම් ලබාදීම සඳහා විනිසුරුවන් වෙනුවෙන් ලිඛිත විභාගයක්, ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයක් සහ සම්මුඛ පරීක්‍ෂණයක් පැවැත්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කමිටු සභාපති දීපාල් මදුරප්පෙරුම මහතා ‘ලංකාදීප’යට පැවසීය.
 


අදහස් (0)

විනිසුරුවන් 97කට උසස්වීම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.