Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විදෙස් පුහුණුකරුවන් එපා’යි අමාත්‍යංශය කියයි

විදෙස් පුහුණුකරුවන් එපා’යි අමාත්‍යංශය කියයි

editorial - 2019 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උලෙලේදී අපේක්ෂිත ප්‍රතිඵල කරා ලඟාවීමට නොහැකි වීම නිසා ලබන වසර සඳහා විදේශීය පුහුණුකරුවන් බඳවා ගැනීම නැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

2019 කත්මන්ඩු නුවරදි පැවති දකුණු ආසියානු ක්‍රීඩා උලෙලේ වොලිබෝල් තරගාවලිය සඳහා කියුබාවෙන්  පුහුණුකරුවන් ලබාගත්තද එම ඉසව්වේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලෝකඩ පදක්කම් පමණකි. එහෙත් 2016 දකූණු ආසියානු ක්‍රීඩා උලෙලේදී වොලිබෝල් කාන්තා සහ පිරිමි ඉසව් වලදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දිනා ගැනීමට හැකිවිය.

ලබන වසර සඳහා අවම වශයෙන් පුහුණුකරුවන් 20 ක්වත් බඳවා ගෙන එම පුහුණුකරුවන්ට විදේශීය ප්‍රවීන ක්‍රීඩා උපදේශකවරුන් මගින් ජාත්‍යන්තර තාක්ෂණික පුහුණුවක් ලබා දීමට ක්‍රීඩා අමාත්‍යාංශය අපේක්ෂා කරයි. එබැවින් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් 2021 දකුණු ආසියානු ක්‍රීඩා උලෙලේ සංචිතයන්හි පුහුණු කිරීම් ලබන මස සිට ආරම්භ කිරීම ඉලක්ක කරගනිමින් භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 50 ක මුදලක් ඉල්ලුම් කර ඇත.

ඊළඟ දකූණු ආසියානු ක්‍රීඩා උලෙල පාකිස්තානයේ හෝ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අතර එය මේ වන තෙක් නිශ්චිතව තීරණය කර නොමැත. එහිදී ශ්‍රී ලංකාව අවම වශයෙන් රන් පදක්කම් 80 ක් හෝ 100 ක් දිනාගැනීමට අපේක්ෂා කරයි.

....

 


අදහස් (0)

විදෙස් පුහුණුකරුවන් එපා’යි අමාත්‍යංශය කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.