Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විදෙස් ක්‍රීඩකයන්ට හැඳි දෙකකින් බෙදයි

විදෙස් ක්‍රීඩකයන්ට හැඳි දෙකකින් බෙදයි

ශානුක අරවින්ද - 2020 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකන් ප්‍රිමියර් ලීග් විස්සයි20 තරගාවලියට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණි විදෙස් ක්‍රීඩකයන් අතරින් ඇතැමෙක් නිරෝධායන කාල සීමාවකට යටත් නොවී තරග සඳහා සහභාගී වෙද්දී, තවත් පිරිසක් නිරෝධායනය වෙමින් සිටිති.

තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින ක්‍රීඩකයන් අතර යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම නියෝජනය කරන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිඩක ජොන්සන් චාල්ස් සහ මහනුවර ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කරන  බ්‍රෙන්ඩන් ටේලර්ද වෙති. ටේලර් 24 වැනිදා රාත්‍රියේද, ‍චාල්ස් 25 වැනිදා රාත්‍රියේද දිවයිනට පැමිණියහ.

දිවයිනට පැමිණිමෙන් අනතුරුව චාල්ස් පී.සී.ආර්. පරීක්ෂණයටක මුහුණ දුන් බවද, එහි ප්‍රතිඵල සුබදායි වුවත් දඹුල්ල වයිකින්ස් කණ්ඩායමට එරෙහිව අද (30 වැනිදා) ‍පැවැත්වෙන තරගයද බොහෝ දුරට ඔහුට අහිමි විය හැකි බවද යාපනය කණ්ඩායමේ නියෝජිතයෙක් පැවසීය.

කෙසේ වෙතත් ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයට ටේලර් ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩක් පවතින බව මහනුවර කණ්ඩායමේ කලමනාකරු ෆර්විස් මහරුෆ් මහතා කියා සිටියේය. අද වන විට ඔහු දින 6 ක නිරෝධායන කාලයක් අවසන් කරනු ඇති බවද මහරුෆ් මහතා සඳහන් කළේය.

ඔවුන්ගේ තත්ත්වය එසේ වුවද මේ මස 25 වැනිදා දිවයිනට පැමිණි පාකිස්තාන ක්‍රීඩක සහීඩ් අෆ්රීඩි, ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකත්වය දරමින් 27 වැනිදා යාපනය කණ්ඩායමට එරෙහිවද, 28 වැනිදා කොළඹ කණ්ඩායමට එරෙහිව‍ද තරග කළේය.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අෆ්රීඩි, දිවයිනට පැමිණීමෙන් අනතුරුව රැපිඩ් ඇන්ටිජන් ‍පරීක්ෂණයට මුහුණදුන් බවත්, එහිදී ඔහු කොවිඩ්-19 ආසාදිතයකු නොවට බවට තහවුරු වීම නිසා පළමු තරගයේ සිටම ක්‍රීඩා කිරීමට අවසර ලැබුණ බවත්ය.

මහනුවර කණ්ඩයමේ විදෙස් ක්‍රීඩකයකු වන දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන්ද අද (30 වැනිදා) දිවයිනට පැමිණීමට නියමිත බව කණ්ඩායමේ කලමණාකාරීත්වය තහවුරු කළේය. ඒ අනුව ඔහුද රැපිඩ් ඇන්ටිජන් ‍පරීක්ෂණයට මුහුණ දී ඉක්මනින්ම තරගවලට සහභාගි වන්නේද, නැතහොත් සෙසු ක්‍රීඩකයන් මෙන් සම්පූර්ණ නිරෝධායනයට ලක්වන්නේද යන්න සම්බන්ධයෙන් තවමත් තීරණයක් නැත.

 


අදහස් (0)

විදෙස් ක්‍රීඩකයන්ට හැඳි දෙකකින් බෙදයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.