Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විද්යුත් ක්‍රීඩා ජාතික ශූරතාවලිය අරඹෙයි

විද්යුත් ක්‍රීඩා ජාතික ශූරතාවලිය අරඹෙයි

editorial - 2021 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ ප්‍රථම අධි තාත්වික විද්යුත් ක්‍රීඩා “ජාතික ශූරතා තරඟාවලිය”  අද (15 වැනිදා) ආරම්භ විය. යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව අද සහ හෙට (මැයි 15 සහ 16) අයි.එම්.අයි. ක්‍රීඩා වේදිකාව ඔස්සේ මෙම තරගාවලියට සහභාගි විය හැකිය.

ශ්‍රී ලාංකිකයන්ට එක්ව ක්‍රීඩා කළ හැකිවන පරිදි සංවිධායන කෙරෙන පළමු වැනි විද්යුත් ක්‍රීඩා තරඟාවලිය මෙයයි. තරගාවලිය අද පස්වරු 5.00 සිට ක්‍රියාත්මකව පවතී.

යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සපයනු ලබන නායකත්වයත් සමඟ සයිබර් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වඩාත් ඔප්නංවා ගැනීම මෙහි අරමුණයි.

විවිධ කුසලතා සහිත ක්‍රීඩා හයක් සඳහා පැවත්වෙන තරගාවලිය දින දෙකක් පුරා විහිදේ. ක්‍රීඩකයන්ට අභියෝග හයක් ලෙස ක්‍රීඩා හයක් ලබා දෙනු ඇත. නියමිත කාල සීමාව තුළ ඔවුන් තමන්ගේ දස්කම් පෙන්වමින් ජාතික ලයිස්තුවේ තමන්ගේ ස්ථානය වෙන්කරගත යුතුව තිබේ.

ජාතික ලයිස්තුවේ ඉහළින්ම සිටින ක්‍රීඩකයා ජාතික ශූරයා ලෙස සම්මාන ලබනු ඇත.

- 213


අදහස් (0)

විද්යුත් ක්‍රීඩා ජාතික ශූරතාවලිය අරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.