Last Update  :  2024-03-28 18:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විගණනයේ කරුණු 23 ට පෙර ඉල්ලයි

විගණනයේ කරුණු 23 ට පෙර ඉල්ලයි

යොහාන් භාසුර - 2019 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය වසර තුනේ ගණුදෙණු සම්බන්ධයෙන් කළ වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියමිත දිනට කරුණු ඉදිරිපත් නොකළ හොත් ඉදිරියේදී නිසි පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ (22) ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.  

ක්‍රිකට් ආයතනය එම වාර්තාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“වෝහාරික විගණනය සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිය අනුව තියෙන්නේ අපේ අමාත්‍යංශයේ ලේකම්වරයාට එම වාර්තාව ලැබුණු පසු එතුමා ලිපියකින් එම වාර්තාව ක්‍රිකට් ආයතනයට ඉදිරිපත් කළා. එවිට එගොල්ලෝ අවධානය යොමු කරන්න ඕනේ. කාලය දින හතක් මදී කිව්වා. දින 21 ක් ඉල්ලුවා. එච්චර කාලයක් දෙන්න හැකියාව නෑ කිව්වා. එගොල්ලොත් ‘ඊ ඇන්ඞ් වයි’ ඔඩිට් එකක් කරලා තිබුණෙ. ඒ නිසා ඕවට උත්තර එගොල්ලො ළඟ තියෙන්න ඕනේ. අපි තවත් සතියක් දුන්නා. ඒ සතියේ දිනය අවසන් වෙන්නේ මේ 23 වැනිදා”
“හෙට දවස වෙනවිට අපිට උත්තර නොලැබුණොත් අපි අපේ ඔබ්සවේෂන් එකත් එක්ක විගණකාධිපතිවරයාට යොමු කරනවා”

 


අදහස් (0)

විගණනයේ කරුණු 23 ට පෙර ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.