Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකාවේත් අනුමැතිය

ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකාවේත් අනුමැතිය

Nisanka Sandeepani - 2018 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු පාපන්දු සමුළුවේ තනතුරු පිරවීමේ දී අලුතින් හඳුන්වා දුන් එහි ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකින් අනුමැතිය ලැබුණු බව වාර්තා වේ.

ආසියානු පාපන්දු සමුළුවේ වාර්ෂික මහ සභා රැස්වීම මලයාසියාවේ ‘ක්වාලාලාම්පූර්’ නුවරදී පෙරේදා (30) පැවැත්විණි. එහි සාමාජික රටවල් 47 නියෝජිතවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම මහ සභා රැස්වීමට ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා, එහි ලේකම් උමාර් ජස්වර්, භාණ්ඩාගාරික ටිරෝන් ප්‍රනාන්දු යන මහත්වරු සහභාගි වූහ.

ආසියානු පාපන්දු සමුළුවේ විධායක සභාව හැරෙන්නට අනුකමිටු 15ක් ක්‍රියාත්මක වේ. එහි ධුර පිරවීමේදී මෙතෙක් අනුගමනය කළ පංගු ක්‍රමය ඉවත් කරමින් ඒ සඳහා සමුළුවේ සාමාජිකත්වය දරන ඕනෑම රටකට ඉදිරිපත්වීමේ අවස්ථාව සලසාදීම නව ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වී තිබේ.

එහි විධායක සභාව සභාපතිවරයා ඇතුළු 23  දෙනකුගෙන් සමන්විතය. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ෂෙයික් සල්මන් බින් ඊබ්‍රාහිම් අල් කලීෆා මහතා ලබන වසරේ අප්‍රේල් 6 වැනිදා ‘ක්වාලාලාම්පුර්’ නුවරදී පැවැත්වෙන ආසියානු පාපන්දු සමුළුවේ සභාපති ධුරයට යළිත් තරග වැදීමට අපේක්‍ෂාවෙන් පසුවේ.

කෙසේ වුවත් නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් සාමාජික රටවල් ආසියානු සමුළුවේ  තනතුරු සඳහා තරග වැදීමේ දී ඔවුන්ට අසාධාරණයක් සිදුවිය හැකි  බවටත් ඒ තුළින් පිටස්තර පාර්ශවවල නියෝජිතයන්ටද තනතුරු සඳහා ඉදිරිපත් වීමට හැකියාව ලැබෙන බවටත් චෝදනා නැගී තිබුණි.

 ඒ පිළිබඳව ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා මහතා මාධ්‍යයන්ට ප්‍රකාශ කර තිබුණේ ආසියානු පාපන්දු සමුළුවේ නව ව්‍යවස්ථා සංශෝධනය රටේ විදේශ ප්‍රතිපත්තියට ද හිතකර නොවන බැවින් ශ්‍රී ලංකාව එහිදී ඡන්දය ප්‍රකාශ කරන ආකාරය ගැන තමන් විමසිල්ලෙන් බලා සිටින බවයි.

එය නොසළකා හැරීම ඇතැම් විට මෙරට පාපන්දු අතුරු කමිටුවක් පත්කිරීමට පවා හේතුවිය හැකි බවට එහිදී ක්‍රීඩා ඇමැතිවරයා අනතුරු අඟවා සිටි බවද එහිදී වාර්තා විය.  

 


අදහස් (0)

ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකාවේත් අනුමැතිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.