Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වයස 17 න් පහළ - 15 න් පහළ ක්‍රිකට් තරගාවලි අවිනිශ්චිතයි

වයස 17 න් පහළ - 15 න් පහළ ක්‍රිකට් තරගාවලි අවිනිශ්චිතයි

යොහාන් භාසුර - 2020 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලි දෙකක් වන වයස 17 න් පහළ සහ වයස 15 න් පහළ තරගාවලි දෙකම මෙම වසරේ පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීමට බොහෝ දුරට ඉඩ ඇති බව පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වස්තුහේවා මහතා කියයි.

මෙම තරගාවලි දෙකම මැයි මස ආරම්භ වීමට නියමිතව තිබුණ ද මේ දක්වා එම තරගාවලි සඳහා අයැදුම්පත් කැඳවීමට නොහැකි වී තිබේ.

“විධායක කමිටුව රැස්වුණේ නෑ. නිලධාරීන් අතර දැනට දුරකථන හරහා සාකච්ඡා කරලා තියෙනවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය අවසන් තීරණයක් දෙන තුරු සංගමය හැටියට අපිට තීරණයක් ගන්න බෑ” යයි වස්තුහේවා මහතා පැවසීය.

“දැනට අපි සාකච්ඡා කරමින් ඉන්නවා ආරම්භ කිරීමට නියමිත වයස 15 න් සහ 17 න් පහළ තරගාවලි පටන් ගන්නවද? ‘කොරෝනා’ අවදානම ඇති වන විට අතර මඟ නතර කළ වයස 19 න් පහළ සහ 13 න් පහළ තරගාවලිවල ඉතිරි ටිකට කරන්නේ මොකක්ද? කියන දේ අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යංශ ගන්න තීරණයත් සමඟ තමයි මේ තරග වල අනාගතය රැඳී තියෙන්නේ”

“අධ්‍යාපන අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය දෙන උපදෙස් අනුව තමයි තරගාවලි පිළිබඳව තීරණ කරන්නේ. එතනදී අධ්‍යාපන අමාත්‍යංශය අධ්‍යාපන කටයුතුවලට සහ ක්‍රීඩා කටයුතුවලට දෙන ප්‍රමුඛතාව අනුව මෙම තරගාවලිවල අනාගතය තීරණය වේවි” යයිද වස්තුහේවා මහතා වැඩි දුරටත් පැවසීය.

‘කොරෝනා’ අවදානම හේතුවෙන් පසුගිය මාර්තු මස 12 වැනිදා සියලුම පාසල් වසා දමන විට වයස 19 න් පහළ තරගාවලියේ අවසන් අදියර පැවැත්වීමට නියමිතව තිබුණු අතර වයස 13 න් පහළ තරගාවලියේ පළමු වටයේ තරග පැවැත්වෙමින් තිබුණි.

අදහස් (0)

වයස 17 න් පහළ - 15 න් පහළ ක්‍රිකට් තරගාවලි අවිනිශ්චිතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.