Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වයඹ රාජකීයයෝ පළමු ඉනිමේ ජයක් ලබති

වයඹ රාජකීයයෝ පළමු ඉනිමේ ජයක් ලබති

editorial - 2020 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල වයඹ රාජකීය විදුහල සහ හොරණ ශ්‍රීපාලි විදුහල අතර ගිරිඋල්ල වික්‍රමශීලා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට වයඹ රාජකීය විදුහල සමත් විය.

එහිදී වයඹ රාජකීය විදුහලේ තීක්ෂණ අමරසිංහ ලකුණු 35 කට කඩුලු 5 ක් දවාගත් අතර ශ්‍රීපාලි විදුහලේ කවිඳු දුලංග (54) සහ කවිඳු ඉමන්ත (62) අර්ධ ශතක ලබාගත්හ.


වයඹ රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 57.4 කදී සියලු දෙනා දැවී 144
(පන්සිළු රත්නායක 36, සුභාෂ් වන්නිනායක 23, පැතුම් අදිකාරිනායක 20, දිනුක වන්නිආරච්චි 29/4, රොෂාන් කවිෂ්ක 39/3, සදීප දිල්ෂාන් 44/3)

ශ්‍රීපාලි විදුහල් පළමු ඉනිම - ඕවර 37.4 කදී සියලු දෙනා දැවී 132
(කවිඳු දුලංග 54, දිනුක වන්නිආරච්චි 26, තීක්ෂණ අමරසිංහ 35/5, දුමිඳු විජේරත්න 23/2)

වයඹ රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 73 කදී සියලු දෙනා දැවී 233
(දුමිඳු විජේරත්න 43, සමිඳු අදිකාරි 39, දිනුක ඔමෙත් 31, අසංක ජයවර්ධන නොදැවී 31, තීක්ෂණ අමරසිංහ 20, දිනුක වන්නිආරච්චි 90/7)

ශ්‍රීපාලි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 27.4 කදී කඩුලු 9 ක් දැවී 170
(කවිඳු ඉමන්ත 62, ලහිරු නිම්දද 41, පසිඳු කල්හාර 36, දුමිඳු විජේරත්න 18/2, හර්ෂ දේවසිංහ 20/2)

 

-036

 


අදහස් (0)

වයඹ රාජකීයයෝ පළමු ඉනිමේ ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.