Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විද්‍යා විදුහලට 22-10 ක ජයක්

විද්‍යා විදුහලට 22-10 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස අවුරුදු 19න් පහල සිංගර් කුසලාන අන්තර් පාඨශාලීය ලීග් රග්බි තරඟාවලිය යටතේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලත් ගල්කිස්ස විද්‍යා විදුහලත් අතර පැවැති තරගයෙන් ලකුණු 22- 10 ජයක් වාර්තා කිරීමට විද්‍යා විදුහල සමත්විය.

ජයග්‍රාහී විද්‍යා විදුහල උත්සාහක දිනුම් තුනක් සහ ගෝල දිනුමක් මගින් ලකුණු වාර්තා කළේය. ශාන්ත අන්තෝනි විදුහල  ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු රැස් කළේය.

ප්‍රථම අර්ධය නිමාවන විට ලකුණු 17- 03 ක් වශයෙන් විද්‍යා විදුහල ඉදිරියෙන් විය .

ගල්කිස්ස විද්‍යා විදුහල මේ තරග වාරයේදී වාර්තා කළ දෙවන ජය මෙයයි. ශාන්ත අන්තෝනි විදුහල ඔවුන් මුහුණ දුන් සියලු තරඟ පරාජය වී තිබේ .

විනිසුරු හසන්ත වෙිරංග මහතාගේ  නළා හඬින් තරගය ආරම්භ වී 10 වැනි විනාඩියේදී විද්‍යා විදුහලේ රසාංග දිනුෂාන් විසින් උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය අසාර්ථක විය .

28 වැනි විනාඩියේදී සාන්ත අන්තෝනි විදුහල් පිලට මීටර 25 සීමාවේදී පිරිනැමුණු දඬුවම් පහරක්සාර්ථක කර ගැනීමට නිරාෂ ඒකනායක සමත් විය. තරගයේ 30 වැනි විනාඩියේදී ප්‍රතිවාදී ලකුණු සීමාවට කඩා වැදීමට විද්‍යා විදුහලේ තරූෂ ධනංජය සමත්විය. එහි ප්‍රවර්තනය හසරංග මුදලිගේ විසින් සාර්ථක කර ගන්නා ලදී.

පළමු අර්ධය  නිමා වීමට මොහොතක් තිබියදී නැවත වරක් ප්‍රතිවාදී ලකුණු සීමාව කඩා වැදීමට තරුෂ ධනංජය සමත්විය.
දෙවැනි අර්ධය ආරම්භවී  10 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් වාර්තා කිරීමට විද්‍යා විදුහලේ සංජුල රොහාන් සමත් වූ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය .

තරගය අතිරේක කාලෙදී උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ශාන්ත අන්තෝනි විදුහලේ තීක්ෂණ ගුණසිංහ සමත්වූ සමත් වූ අතර එහි ප්‍රවර්ධනය තිරුෂාන් ඒකනායක විසින් සාර්ථක කර ගන්නා ලදී.

තරඟයේ අවසන් නලා හඬ නිකුත් වන විටලකුණු 22-10ක ජයක් විද්‍යා විදුහල ලබා සිටියේය.


අදහස් (0)

විද්‍යා විදුහලට 22-10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.