Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විල්සන්ට තරගාවලිය අහිමි වෙයි

විල්සන්ට තරගාවලිය අහිමි වෙයි

Nisanka Sandeepani - 2019 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


දණහිසේ ආබාධයකට ලක්වීම නිසා ස්කොට්ලන්ත පිලේ ප්‍රවීණ පසුපෙළ ක්‍රීඩක රයන් විල්සන්ට හය කොන් රග්බි තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමිවනු ඇතැයි ස්කොට්ලන්ත රග්බි සංගමය ප්‍රකාශ කළේය.

29 හැවිරිදි මේ ක්‍රීඩකයා වසර 2013දී පළමුවතාවට ජාත්‍යන්තර රග්බි පිටියට පිවිසීමෙන් පසුව මේ දක්වා තරග 43කදී සිය කණ්ඩායම නියෝජනය කර ඇති අතර සෙනසුරාදා අයර්ලන්තය හමුවේ ලකුණු 22-13කින් පරාජයට පත්වූ තරගයේ පළමු භාගයෙන් පසුව පිටියට පිවිසියේ නැත. 

මෙවර හය කොන් රග්බි තරගාවලියේ පළමු තරගයේදී ඉතාලිය පරාජය කළ ස්කොට්ලන්තය ඊළඟට ප්‍රංශය සමග තරග වැදීමට නියමිතය. එම තරගය පැරීසියේදී පැවැත්වෙන්නේ මේ මස 23 වැනිදාය. එංගලන්තය හමුවේ ලකුණු 44-8 ක දරුණු පරාජයක් අත්විඳි ප්‍රංශය සිය භූමියේදී මෙතෙක් ස්කොට්ලන්තයට පරාජයවී ඇත්තේ 1999 දී පැවැති පස්දෙනාගේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයේදී පමණි. එම තරගයේදී ස්කොට්ලන්තය ලකුණු 36-22 කින් ඉතාලිය පරාජයට පත් කළේය.
- 077

 


අදහස් (0)

විල්සන්ට තරගාවලිය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.