Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලෝක කුසලාන ජය සැමරුමට රිදී පදක්කම්

ලෝක කුසලාන ජය සැමරුමට රිදී පදක්කම්

editorial - 2021 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ලෝක කුසලාන ජයග්‍රහණයේ 25 වන සංවත්සරය සැමරීමට සූදානම් කළ මෙම රිදී පදක්කම් කට්ටලය සමග 1996 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ සාමාජියන් වූ සනත් ජයසූරිය, රොෂාන් මහනාම, අර්ජුන රණතුංග, චමින්ද වාස් සහ මුත්තයියා මුරලිදරන් පෙනී සිටි අයුරු

ශ්‍රී ලංකාව 1996 දී දිනාගත් පළමු ලෝක ක්‍රිකට් කුසලානයේ රිදී ජුබිලිය මේ මස 17 වැනිදාට යෙදී තිබේ. එම සැමරුම වෙනුවෙන් ක්‍රිකට් ලෝලීන්ට දුර්ලභ සමරු උපාංග හිමි කර ගැනීමේ අවස්ථාව සලසා ඇත.

මෙම සමරු උපාංග එකතුව සඳහා 1996 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයන් වූ ක්‍රීඩකයන්, පුහුණු සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 17 දෙනකුගේ රූපවලින් සමන්විත මිලි මීටර 50 ක විශ්කම්භයකින් යුත් රිදී පදක්කම් 17 ක් පෞරාණික ආකෘතිය අනුව නිර්මාණය කර තිබේ.

මෙම පදක්කම් කට්ටල 2996 කට පමණක් සීමා කර තිබේ. මෙම සෑම පදක්කමක්ම රිදී ලෝහ තහඩුවක තනි තනිව අංකනය කර ඇත.


- 2079

 


අදහස් (0)

ලෝක කුසලාන ජය සැමරුමට රිදී පදක්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.