Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලෝක කායවර්ධන හා ශරීරික යෝග්‍යතා තරගාවලියේ සත්කාරය ගිලිහීයාමේ අවදානමක්

ලෝක කායවර්ධන හා ශරීරික යෝග්‍යතා තරගාවලියේ සත්කාරය ගිලිහීයාමේ අවදානමක්

නාමල් පතිරගේ - 2020 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ කායවර්ධන ක්‍රීඩා පරිපාලනය බිඳ වැටීමකට ලක්ව තිබෙන බැවින්  වසර 2021ට නියමිත 75 වැනි ලෝක  කායවර්ධන හා ශරීරික යෝග්‍යතා තරගාවලියේ සත්කාරය ශ්‍රී ලංකාවෙන් ගිලිහීයාමේ අවදානමක් උද්ගතව ඇතැයි වාර්තාවේ. එම ලෝක තරගාවලිය සම්බන්ධයෙන් කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ  වගකිව යුතු පාර්ශ්වයක් මේ වනවිට ක්‍රියාත්මක නොවීම ඊට ආසන්නම හේතුව වී තිබේ.

 ශ්‍රී ලංකා කායවර්ධන හා  ශාරිරික යෝග්‍යගතා සම්මේලනය වසරකට ආසන්න කාලයක්  තිස්සේ ක්‍රියාත්මක නොවන අතර, ඒ වෙනුවට තාවකාලිකව ස්ථාපිත කළ කායවර්ධන අතුරු කමිටුවද මේ වනවිට අක්‍රිය තත්ත්වයට පත්ව තිබේ. ක්‍රීඩා  අමාත්‍යාංශය විසින්  තාවකාලිකව පත්කල අතුරු කමිටුවේ නිලධාරීන් තිදෙනාම මේ වනවිට එහි සේවය හැර ගොස් තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ  සහකාර ලේකම්වරයෙකු වූ මහේෂ් ගම්මන්පිල මහතා එහි  සභාපතිත්වය දැරූ අතර එහි සෙසු නිලධාරීන් දෙදෙනාද ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවය කරන්නෝ වූහ.

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ එවකට වැඩබලන ලේකම්වරයා ලෙස කටයතු කළ නිහාල් වීරතුංග මහතා 2019 නොවැම්බර් මාසයේ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ  ‘පුදේරා’ නගරයේදී පැවති ලෝක සම්මේලන මහ සභා රැස්වීමේදී වසර 2021 නියමිත 75 වැනි ලෝක කායවර්ධන හා ශරීරික යෝග්‍යතා ශූරතා තරගාවලියේ සත්කාරය ශ්‍රී ලංකාවට ඉල්ලා සිටියේය.   

"2019 පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙය ශ්‍රී ලංකාවට විශාල  ජාත්‍යන්තර කීර්තියක් අත්කර ගත හැකි අවස්ථාවක් විය  හැකි නිසාත් වසර 2021 ලෝක ශූරතා සත්කාරය ශ්‍රී ලංකාවට යෝජනා කරන්න අප වඩාත් උනන්දු වුණා... ඒ සඳහා සමුළුවේදී ශ්‍රී ලංකාවට සාමාජික රටවල් බහුතරයකින් විශාල සහයෝගයක් ලැබුණා“ යයිද පැවසීය.

වසර 2014දී කොළඹදී පැවති ආසියානු කායවර්ධන ශූරතා තරගාවලියේ සත්කාරය දරමින් එය වඩාත් සාර්ථකව  හා විචිත්‍රවත් අයුරින් සංවිධානය කිරීමට කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කායවර්ධන ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළ අවධානයට හා ප්‍රසාදයට ලක්විය. ඒ සඳහා මුල් වූයේ එවකට ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ සභාපති ධුරය දැරූ ජාඇල ප්‍රාදේශීය සභාවේ වත්මන් ලේකම්  කපිල කුමාර මහතාය.

මෙම වසරට නියමිත 74 වැනි ලෝක කායවර්ධන ශූරතා තරගාවලිය කොරෝනා වසන්ගත තත්ත්වය හමුවේ කල්දමා තිබෙන අතර එය වසර  අවසානයේදී කොරියාවේදී පැවැත්වීමට මේ වනවිට සැළසුම් කර තිබේ.

 ලෝක කායවර්ධන ශූරතාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ගන්නා පළමු උත්සාහය මෙයයි. ලෝක කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සාමාජික රටවල් ගණන 190කට වැඩිය.
ලෝක ශූරතා තරගාවලියේ සහභාගිත්වය වෙනුවෙන් රටවලින් අය කරන අයදුම්පත් ගාස්තු තුළිනුත් සත්කාරක රාජ්‍යයට ඒ සඳහා ආදායමක් හිමිවේ.


අදහස් (0)

ලෝක කායවර්ධන හා ශරීරික යෝග්‍යතා තරගාවලියේ සත්කාරය ගිලිහීයාමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.