Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය අහමදාබාද්හිදී

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය අහමදාබාද්හිදී

editorial - 2019 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දැනට ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය අභිබවා යමින් ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉන්දියාවේ අහමදාබාද්හි දැනට ඉදිවෙමින් පවතී. සර්දාර් පතෙල් ගුජරාට් ක්‍රීඩාංගණය හෙවත් මොතෙරා ක්‍රීඩාංගණය ලෙස හදුන්වන මෙම ක්‍රීඩාංගණය 1983 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ අතරට එක්වූ අතර ප්‍රේක්‍ෂකයන් 54,000 කට ඉඩ පහසුකම් සැලසුණි.

ඉන්දීය රුපියල් කෝටී 700 ක වියදමෙන් නවීකරණය වෙමින් පවතින මොතෙරා ක්‍රීඩාංගණයේ වැඩ කටයුතු මේ වනවිට 90්‍ර ක් පමණ අවසන්වී ඇති අතර 2020 ජනවාරී මාසයේදී මෙම ක්‍රීඩාංගණයේ සියළු වැඩකටයුතු අවසන් වීමට නියමිතව ඇත.

නවීකරණය වීමෙන් පසුව මෙම ක්‍රීඩාංගණයේ ප්‍රේක්‍ෂකයින් 110,000 කට අසුන් ගැනීමේ පහසුකම් සැපයෙන අතර කාර් 3000 කට සහ මෝටර් බයිසිකල් 10,000 ක් නැවැත්වීමේ පහසුකම්ද සැලසෙනු ඇත.

දැනට ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රේක්‍ෂකයන් 95,000 කට අසුන් ගැනීමට හැකිවන අතර දැනට ඉන්දියාවේ විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන කොල්කටාහී ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේ අසුන් ගැනීමට හැකිවනුනේ ප්‍රේක්‍ෂකයන් 62,000 කට පමණි.

මෙහි විශේෂිතම සිදුවීම වන්නේ ගුජරාට් ක්‍රිකට් සංගමය විසින් ඉදිකරන ක්‍රීඩාංගණයේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා වන්නේ ඕස්ටේ්‍රලියානු සමාගමක් වන පොපුලස් සමාගම වන අතර මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ගෘහ නිර්මාණ ශිල්පියා වන්නේද එම සමාගමයි.

අක්කර 63 ක් පුරා විසිරි ඇති මෙම ක්‍රීඩාංගණයේදී ගෘහස්ථ හා එළිමහන් ක්‍රීඩාංගණ, අවන්හල්, ඔලිම්පික් ප්‍රමාණයේ පිහිනුම් තටාකයක්, පාපන්දු, හොකී, පැසිපන්දු, කබඩි, බොක්සිං සහ ටෙනිස් ඇතුළු ක්‍රීඩා රාශියක් සඳහා පහසුකම්ද සැපයෙනු ඇත.

සුනිල් ගවස්කාර් ලකුණු 10,000 සම්පූර්ණ කරමින් එම දස්කම් සිදුකළ පළමු ක්‍රීඩකයා වීමටද, ඉන් වසර 7 කට පසුව රිචඞ් හැඞ්ලිගේ _කඩුලු 431 ලෝක වාර්තාව බිඳහෙලීමට කපිල් දේව් සමත්වීමද, 1999 දී සචින් තෙන්ඩුල්කාර්ගේ පළමු ද්විත්ව වාර්තා වීමට මෙම ක්‍රීඩාංගණයේදී සිදුවූ වැදගත් සිදුවීම්ය.

ගුජරාට් ක්‍රිකට් සංගමයට අනුව මෙම ව්‍යාපෘතිය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සිහිනයකි.

...

 


අදහස් (0)

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය අහමදාබාද්හිදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.