Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලුක් රයිට්ගේ පිත්ත අබුඩාබි පිලට ජය ගෙනෙයි

ලුක් රයිට්ගේ පිත්ත අබුඩාබි පිලට ජය ගෙනෙයි

editorial - 2019 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන දහයයි10 ලීග් ක්‍රිකට් තරගාවලියේ අබුඩාබි කණ්ඩායම සහ කර්නාටක ටස්කර්ස් කණ්ඩායම අතර ඊයේ (22 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 34 ක ජයක් අත්කර ගැනීමට කොලෑන්ඩර්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 129 ක ඉලක්කයක් හඹාගිය ටස්කර්ස් කණ්ඩායමට ඕවර 10 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 94 ක් පමණි. වේගවත් පිතිහරඹයක නිතර වූ රයන් ටෙන්ඩස්කාට්, පන්දු 12 කදී හයේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 32 ක්ද රැස්කළද ඔහුට ටස්කර්ස් කණ්ඩායමට ජයග්‍රහණය කරා රැගෙන යෑමට නොහැකි විය.

නායක හෂීම් අම්ලා පන්දු 12 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 18 ක් රැස්කළ අතර පන්දු 7 කට මුහුණදුන් උපුල් තරංගට එහිදී හයේ පහරක් සමගින් ලබාගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිතර වූ හේඞ්න් වෝල්ෂ් ලකුණු 15 කට කඩුලු 2 ක් බිඳහෙළීමට සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් අබුඩාබි කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 128 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකරු ලුක් රයිට් පන්දු 30 කදී නොදැවී ලකුණු 57 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.

අබුඩාබි කණ්ඩායම පළමු කඩුල්ල ලෙස අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 3 කට දැවී ගියද, නායක මුයින් අලී (35) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට රයිට් සමත් විය. දුවද්දී දැවී යෑමකට හසුවෙමින් පිටියෙන් ඉවත්ව යන විට පන්දු 21 කට මුහුණදී සිටි අලීගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහරක් ඇතුළත් වී තිබිණ.


අබුඩාබි පිල - ඕවර 10 කදී කඩුලු 2 ක් දැවී 128
(ලුක් රයිට් නොදැවී 57, මුයින් අලී 35, වේන් මැඞ්සෙන් නොදැවී 20)

කර්නාටක ටස්කර්ස් පිල - ඕවර 10 කදී කඩුලු 6 ක් දැවී 94  
(හෂීම් අම්ලා 18, උපුල් තරංග 10, රයන් ටෙන්ඩස්කාට් නොදැවී 32, අහමඞ් රාසා 13, හේඞ්න් වොල්ෂ් 15/2)

-036

 


අදහස් (0)

ලුක් රයිට්ගේ පිත්ත අබුඩාබි පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.