Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු බ්‍රයන් ලාරා මුම්බායිහී රෝහලකට ඇතුළත් කළ බව ඉන්දීය මාධ්‍ය අද (25 වැනිදා) නිවේදනය කළේය.
50 වියැති ලාරා ටි්‍රනිඩෑඞ් ජාතිකයකු වන අතර ඉන්දියාවේදී ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගී වෙමින් සිටියදී අසනීපවී ඇත. මෙවර ලෝක කුසලාන තරගාවලියේ නිල ප්‍රචාරකයා ලෙස කටයුතු කරන ස්ටාර් ස්පෝට්ස් සමාගම මුම්බායිහිදී සංවිධානය කළ වැඩසටහනකට ලාරා සහභාගි වෙමින් සිටියේය.
නොදැවී ලකුණු 400 ක් ලබාගනිමින් ටෙස්ට් තරයකදී පිතිකරුවකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියන බ්‍රයන් ලාරා 1994 වසරේදී එංගලන්ත ප්‍රාන්ත තරගයකදී ලකුණු 501 ක් රැස්කරමින් පළමු පෙල තරගයකදී පිතිකරුවකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද තමන් සතුකරගත්තේය.
බටහිර ඉන්දීය කොදෙව් පිලේ හිටපු නායකයකු වූ බ්‍රයන් ලාරා 2007 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන්නේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.