Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලකුණු සටහන්කරුවෝ මූල්‍ය සහන ඉල්ලති

ලකුණු සටහන්කරුවෝ මූල්‍ය සහන ඉල්ලති

යොහාන් භාසුර - 2020 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


‘කොරෝනා’ වෛරසයේ අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ උද්ගතවී ඇති තත්ත්වයෙන් මූල්‍ය දුෂ්කරතාවට පත්ව සිටින පූර්ණ කාලීන ක්‍රිකට් ලකුණු සටහන්කරුවන් ලෙස කටයුතු කරන 16 දෙනෙක් තමන්ට මූල්‍ය සහනක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත. මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරන්නන්ගේ සංගමයේ සභාපති සංජය ජයසිංහ සහ එහි ලේකම් ජගත් ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව මෙම ඉල්ලීම කර තිබේ.

ලකුණු සටහන්කරුවකු ලෙස ලබන ආදායම හැර වෙනත් කිසිඳු ආදායම් නොමැති පූර්ණ කාලීන ලකුණු සටහන්කරුවෝ 16 දෙනෙක් නැවත අයකරගැනීමේ පදනම මත තරග තුනක ගාස්තු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගයේ මට්ටම අනුව ලකුණු සටහන්කරුවකුට රුපියල් 5000 සිට 9000 දක්වා මුදලක් ගෙවයි. ඒ අනුව මෙම ලකුණු සටහන්කරුවකුට අවම වශයෙන් රුපියල් 15,000 බැගින් රුපියල් 24,000 ක මුදල් ලබාදීමට ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව වාර්තා වේ.

මෙම ඉල්ලීම පිළිබඳව ලංකාදීප’ කළ විමසුමේදී ‘ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ නිලධාරීයකු පැවසුවේ තම ඉල්ලීමට සුබදායි ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි විශ්වාසයෙන් සිටින බවයි.

“අපේ සංගමයේ සාමාජිකයන් 200 ක් පමණ ඉන්නවා. ඉන් වඩාත් මූල්‍ය අපහසුතාවට පත්ව සිටින 16 දෙනකු පමණයි අපි තෝරාගෙන තියෙන්නේ” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.


අදහස් (0)

ලකුණු සටහන්කරුවෝ මූල්‍ය සහන ඉල්ලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.