Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රොෂාන් - මධුවන්ති ශූරතා දිනති

රොෂාන් - මධුවන්ති ශූරතා දිනති

editorial - 2019 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


හතලිස් පස්වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගි වන සබරගමුව පළාත් කැරම් කණ්ඩායම් තෝරාගැනීම සඳහා රත්නපුර නව නගර ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති සබරගමුව පළාත් කැරම් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ රොෂාන් ධර්මප්‍රිය සමත් විය. එහි කාන්තා කේවල ශූරතාව දිනාගනු ලැබුවේ කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ මධුවන්ති ගුණදාස විසිනි. 

රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල ස්ථිර පදිංචි අයදුම්කරුවන් සඳහා පමණක් සීමාවූ මෙම කැරම් තරගාවලියේ පිරිමි කේවල අනු ශූරතාව කේමින්ද සංඛ විජේසේකර විසින්ද, කාන්තා කේවල අනු ශූරතාව මධුෂා විතාන විසින්ද හිමිකරගත්හ. පිරිමි සහ කාන්තා තෙවැනි ස්ථාන පිළිවෙලින් තිළිණ විකුම් ජයසිංහ සහ ඕෂධී මදුෂානි විසින්ද හිමිකර ගන්නා ලදහ. 

සබරගමුව පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සබරගමුව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සබරගමුව පළාත් ක්‍රීඩා නිලධාරිනී අවන්ති කොඩිතුවක්කු සහ ක්‍රීඩා පුහුණුකරු රෝහිත ගුණරත්න යන මහත්ම මහත්මීන් ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම තරගාවලිය සංවිධානය කර තිබුණි. 

තරගකරුවන් සියයකට අධික පිරිසක් සහභාගි වූ මෙම තරගාවලියේදී උපරිම දක්‍ෂතා දක්වන ලද කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනකු තෝරාගත් අතර ඉන් 10 දෙනෙකු ජාතික මහා ක්‍රීඩා උළෙලේදී සබරගමුව පළාත නියෝජනය කිරීම සඳහා ඉදිරිපත් කරනු ඇත. 

තෝරාගත් සබරගමුව පළාත් කැරම් කණ්ඩායම් 
පිරිමි කැරම් කණ්ඩයම 
1. රොෂාන් ධර්මප්‍රිය 
2. කේමින්ද සංඛ විජේසේකර 
3. තිළිණ විකුම් ජයසිංහ 
4. මල්ෂාන් සූරියආරච්චි 
5. දිනිදු චාමර 
6. යූ.එම්.ඩී. සමරවීර 
7. ඩී.එම්.ඩී.එස්. දසනායක 


කාන්තා කැරම් කණ්ඩයම 
1. මධුවන්ති ගුණදාස 
2. මධුෂා විතාන 
3. ඕෂධී මදුෂානි 
4. එල්.ඒ.ආර්.කේ. වර්ණසූරිය 
5. නිරෝෂනී ගම්ලත් 
6. එච්.ඒ.ජී.එච්. ප්‍රෙමරත්න 
7. ඉෆාෂා ඉල්ලියාස් 

පිරිමි කැරම් කණ්ඩයම 

කාන්තා කැරම් කණ්ඩයම 

-036


අදහස් (0)

රොෂාන් - මධුවන්ති ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.