Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රොනාල්ඩෝ - මෙන්ඩස් සමාජ සත්කාරයේ

රොනාල්ඩෝ - මෙන්ඩස් සමාජ සත්කාරයේ

editorial - 2020 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලිස්බන් (රොයිටර්)

කොරෝනා‍ වයිරසය ආසාදනය වී ඇති රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 1.8 ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ සහ ජීවිතාරක්ෂක උපකරණ පරිත්‍යාග කිරීමට පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ පාපන්දු නියෝජිත ජෝර්ජ් මෙන්ඩස් ඉදිරිපත් වී සිටිති. පෘතුගාල‍යේ ලිස්බන් නුවර පිහිටි ශාන්ත මරියා රෝහලේ වාට්ටු දෙකකට සහ පෘතුගාලයේ දෙවැනි විශාලම නගරය වන පර්ටෝ නගරයේ පිහිටි ශාන්ත අන්තෝනියෝ රෝ‍‍හලේ වාට්ටුවකට ඔවුන් දෙදෙනා මෙම පරිත්‍යාගය කර තිබේ.

එම උපකරණ ගොන්නට සියලු පහසුකම් සහිත දැඩි සත්කාර ඇඳන් 25 ක්, කෘතිම ස්වසන යන්ත්‍ර, හෘද ස්පන්දන යන්ත්‍ර, සේලයින් ලබාදීමේ යන්ත්‍ර, සේලයින් සහ සිරින්ජර සහ උපකරණ රැසක් ඇතුළත්ව තිබූ බව එම රෝහල් නිවේදනය කරයි.

“‍සියලු දෙනාගේම යහපත උදෙසා රටට අවශ්‍යම අවස්ථාවක මෙවැනි යන්ත්‍ර සහ උපකරණ පරිත්‍යාග කිරී‍ම වෙනුවෙන් අපි රොනාල්ඩෝ මහතාට සහ මෙන්ඩස් මහතාට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.” යැයි පරිත්‍යාගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශාන්ත අන්තෝනියෝ රෝ‍‍හල් පරිපාලන මණ්ඩලයේ සභාපති පෝලෝ බාබෝසා මහතා පැවසීය.

මේ දක්වා පෘතුගාල‍යෙන් වාර්තා වී ඇත්තේ කොරෝනා රෝගීන් 2362 ක් සහ මරණ 29 ක් පමණි. එය ඉතාලියට සහ ස්පාඤ්ඤයට සාපේක්ෂව බෙහෙවින්ම අඩු ප්‍රමාණයක් වුවත් දැනටමත් පෘතුගාල‍යේ සෞඛ්‍ය පද්ධතිය දැඩී පීඩනයකට ලක්ව ඇතැයි වාර්තා වේ.

-036


අදහස් (0)

රොනාල්ඩෝ - මෙන්ඩස් සමාජ සත්කාරයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.