Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රොන් - ඒෂාන් ජාත්‍යන්තර තරග බිමේ

රොන් - ඒෂාන් ජාත්‍යන්තර තරග බිමේ

editorial - 2019 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගිවන ජාත්‍යන්තර මෝටර් රථ තරගාවලි දෙකක් මෙම සති අන්තයේදී ස්පාඤ්ඤයේදී සහ ඉතාලියේදී පැවැත්වේ. එහිදී ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ තරගාවලියේ අවසන් මහ තරගය ස්පාඤ්ඤයේදී පැවැත්වෙන අතර රොටැක්ස් මැක්ස් අභියෝග කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය ඉතාලියේදී පැවැත්වෙයි.

ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ තරගාවලියේදී ශ්‍රී ලංකාවේ රොන් අතපත්තු, ඇමරිකාවේ පැට්‍රික් ලිඩි සමග එක්ව තරග වදින අතර ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ඒෂාන් පීරිස්, සිංගප්පූරුවේ යෙවාන් ඩේවිඩ් සමග එක්ව තරග වදියි.

මෙම තරගාවලි ද්විත්වයේම අවසන් මහ තරග අද (26 වැනිදා) සහ හෙට (27 වැනිදා) පැවැත්වෙනු ඇත. තරගාවලි දෙක සඳහාම ලොව පුරා දක්ෂ ක්‍රීඩකයන් රැසක් සහභාගි වී සිටින අතර එහිදී ඔවුන්ට අභියෝගයක් එල්ල කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙපල සූදානමින් සිටිති.

-036

 


අදහස් (0)

රොන් - ඒෂාන් ජාත්‍යන්තර තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.