Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රූපවාහිනී අයිතිය විකිණීම දෙසැම්බරයේ සිට

රූපවාහිනී අයිතිය විකිණීම දෙසැම්බරයේ සිට

යොහාන් භාසුර - 2019 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

ඉදිරි වසර තුනක ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී විකාශන අයිතිය විකිණීමේ ක්‍රියාවලිය ලබන දෙසැම්බර් මස මුල ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය.

ලබන වසරේ අප්‍රේල් මස සිට 2023 වසරේ අප්‍රේල් මස දක්වා වසර තුනක කාලය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල රූපවාහිනී විකාශන අයිතිය එහිදී අළෙවි කිරීමට නියමිතය.

රූපවාහිනී විකාශ අයිතිය අළෙවි කිරීමේ ගණුදෙනු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අඛණ්ඩව චෝදනා එල්ල වූ අතර ඒ හේතුවෙන් මෙවර ඒ සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සහයෝගය හිමිවේ.   
“රූපවාහිනී අයිතිය විකිණීමේ ක්‍රියාවලියේ සියලුම අවස්ථාවලදී අපිට අයි.සී.සී.යේ සහයෝය ලැබෙනවා.

අවස්ථාවෙන් අවස්ථාවට අපිට අයි.සී.සී. නිලධාරියකුගේ උපදෙස් සහ මඟ පෙන්වීම හිමිවෙනවා”
“පළමුවෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අයි.සී.සී. එකතු වෙලා ඒ සඳහා වන ලේඛණ හදනවා. ඉන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේදී ටෙන්ඩර් කැඳවනවා.....ලබන ජනවාරි අග වන විට අපිට මේ ගණුදෙනුව අවසන් කරන්න පුළුවන්” යැයි ශම්මි සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.   


අදහස් (0)

රූපවාහිනී අයිතිය විකිණීම දෙසැම්බරයේ සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.