Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රූපවාහිනී තරගාවලිය 28 දා සිට

රූපවාහිනී තරගාවලිය 28 දා සිට

Nisanka Sandeepani - 2017 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තිස් එක්වැනි වරටත් සංවිධානය කෙරෙන රූපවාහිනී වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් පිරිමි හා කාන්තා මූලික වටයේ තරග අගෝස්තු 28 සිට සැප්තැම්බර් 2 දක්වා මීගමුව ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අනුස්මරණ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට විධි විධාන යොදා ඇත.

ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එක්ව මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි. 

සුපර් ලීග්  පිරිමි අංශයේ මූලික වටය සඳහා කණ්ඩායම් 7 ක් ද කාන්තා මූලික වටය සඳහා කණ්ඩායම් 5 ක්ද සහභාගීවීමට නියමිතය.

ජාතික තරුණ සේවා සභාව, යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, විදුලිබල  මණ්ඩලය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ වෙළඳ සේවා කණ්ඩායම (බ්‍රැන්ඩෙක්ස්) පිරිමි අංශයෙන් ද යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, තරුණ සේවා සභාව සහ කැෂුවලයින් යන කණ්ඩායම් කාන්තා අංශයෙන්ද  තරග වදිනු ඇත.

මෙම තරගාවලියට සමගාමීව  අභියෝග ශූරතා අංශයෙන් ද  තරගාවලියක් ක්‍රියාත්මක වන අතර එහි මූලික වටයේ තරග දැනටමත් අවසන් කර ඇති බව ජාතික තරුණ සේවා සභාව පවසයි.

සියලුම අවසන් තරග ලබන ඔක්තෝම්බර් 15 දා පෙ.ව. 9.00 සිට මහරගම ජාතික තරුණ මධ්‍යස්ථාන ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. 

 


අදහස් (0)

රූපවාහිනී තරගාවලිය 28 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.