Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රුවන් ප්‍රදීප්ට සිව් වසරක තහනමක්

රුවන් ප්‍රදීප්ට සිව් වසරක තහනමක්

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තහනම් උත්තේජක චෝදනාවට වරදකරු වූ මලල ක්‍රීඩක රුවන් ප්‍රදීප් කුමාරට සිව් වසරක තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ අධිකාරිය තීරණය කර තිබේ.  ‘බී’ මුත්‍රා නියැදි පරීක්‍ෂාව ඉල්ලා නොසිටී මෙම ක්‍රීඩකයා තහනම් උත්තේජක ශරීරගත කරගත් බවට පිළිගෙන තිබෙන අතර පසුව කළ විමර්ශනයකින්ද පසුව ඔහුට මෙම තරග තහනම නිර්දේශ කර තිබේ.

23 හැවිරිදි රුවන් ප්‍රදීප් මීටර 4X400 සහය දිවීමේ ක්‍රීඩකයෙකු ලෙස ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පසුගිය අගෝස්තු මාසයේදී පැවති 22 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගිවීමට එහි ගොස් සිටියදී තහනම් උත්තේජක චෝදනාවට ලක්විය. ඒ හේතුවෙන් ආසියානු තරගාවලියට සහභාගි නොවීම ඔහුට නැවැත ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවිය.

තහනම් උත්තේජන ශරීරගත කර ගැනීමේ චෝදනාවට වැරදිකරු වූ ශ්‍රී ලංකාවේ 13 වැනි මලල ක්‍රීඩකයා බවට ඔහු පත්ව සිටියි. මෙම ජාතික හා ජාත්‍යන්තර තරග තහනම ඔහු චෝදනාවට ලක් වූ දිනයේ සිට බල පැවත්වෙන පරිදි ක්‍රියාත්මක වේ.

මෙම චෝදනාවට වැරදිකරු වූ ඔහුගෙන් ලබාගත් සාක්‍ෂි වලින් හෙළිදරව් වූයේ ජාතික මලල ක්‍රීඩා සංචිතයේ තවත් ක්‍රීඩකයන් පිරිසක්ද තහනම් උත්තේජක ශරීරගත කර ගැනීමට ඇබ්බැහි වී සිටින බවය. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පරීක්‍ෂණයක්ද ආරම්භ කර තිබුණි.

 


අදහස් (0)

රුවන් ප්‍රදීප්ට සිව් වසරක තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.