Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රුමේෂිකාට අවසන් තරගය මඟහැරෙයි

රුමේෂිකාට අවසන් තරගය මඟහැරෙයි

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක් වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 200 දිවීමේ ඉසව්වේ අවසන් පූර්ව වටයේ තරගයකට සහභාගි වූ ශ්‍රී ලංකාවේ රුමේෂිකා රත්නායක, එම ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනිමට අපොහොසත් වූවාය.

තරගාවලියේ හත්වැනි දිනය වන අද (11 වැනිදා) පැවති පළමු අවසන් පූර්ව තරගයේදී තත්පර 23.60 ක කාලයක් වාර්තා කළ රුමේෂිකා, එහි 6 වැනි ස්ථානයට පත් වූවාය.

මූලික වටයේ දෙවැනි තරගයේදී තත්පර 23.43 ක කාලයක් වාර්තා කළ ඇය, එම තරගයේ දෙවැනි ස්ථානයට පත්වෙමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබුවාය.  


- 036

 


අදහස් (0)

රුමේෂිකාට අවසන් තරගය මඟහැරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.