Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රිච්මන්ඩ් - විශාකා විදුහල් ශූරතා දිනති

රිච්මන්ඩ් - විශාකා විදුහල් ශූරතා දිනති

ශානුක අරවින්ද - 2019 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවීමෙන් සබරගමු පළාත් බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ වයස 19 න් පහළ අන්තර් පාසල් කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලියේ සුපිරි ‘ඒ’ කාණ්ඩයේ බාලක ශූරතාව දිනාගැනීමට ගාල්ල රිච්මන්ඞ් විදුහලද, බාලිකා ශූරතාව දිනාගැනීමට කොළඹ විශාකා විදුහලද සමත් විය.

කාණ්ඩ 6 ක් යටතේ තරග පැවති මෙම තරගාවලියේ සුපිරි ‘ඒ’ කාණ්ඩයේ බාලක අනු ශූරතාව හිමිකර ගැනීමට කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සමත් වූ අතර බාලිකා අනු ශූරතාව නුගේගොඩ අනුලා විදුහලට හිමිවිය.

කෑගල්ල බාලිකා විදුහල් ගෘහස්ත ක්‍රීඩංගංණයේ පැවති මෙම තරගාවලියේ ත්‍යග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී, සබරගමු පළාත් බැඞ්මින්ටන් සංගමයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතා සහභාගි විය.


බාලක තරග ප්‍රතිඵල

සුපිරි ‘ඒ’ කාණ්ඩය
ශූරතාව - ගාල්ල රිච්මන්ඞ් විදුහල
අනු ශූරතාව - කොළඹ ඩී.එස්. සේනානායක විදුහල

‘ඒ’ කාණ්ඩය
ශූරතාව - කොළඹ ආනන්ද විදුහල
අනු ශූරතාව - කොළඹ රාජකීය විදුහල

‘බී’ කාණ්ඩය
ශූරතාව - අනුරාධපුර මැදි විදුහල
අනු ශූරතාව - පන්නිපිටිය ධර්මපාල විදුහල

‘සී’ කාණ්ඩය
ශූරතාව - පානදුර ශ්‍රී සුමංගල විදුහල
අනු ශූරතාව - කොළඹ ලුම්බිණි විදුහල

‘ඩී’ කාණ්ඩය
ශූරතාව - වත්තල ලයිසියම් ජාත්‍යන්ත පාසල
අනු ශූරතාව - පිලියන්දල මැදි විදුහල

‘ඊ’ කාණ්ඩය
ශූරතාව - බණ්ඩාරවෙල මැදි විදුහල
අනු ශූරතාව - ගෙලිඔය සිරාජ් විදුහල


බාලිකා තරග ප්‍රතිඵල

සුපිරි ‘ඒ’ කාණ්ඩය
ශූරතාව - කොළඹ විශාකා විදුහල
අනු ශූරතාව - නුගේගොඩ අනුලා විදුහල

‘ඒ’ කාණ්ඩය
ශූරතාව - මොරටුව ජයලත් අප ස්වාමිදූගේ කන්‍යාරාමය
අනු ශූරතාව - අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල

‘බී’ කාණ්ඩය
ශූරතාව - ගම්පහ යශෝධරා බාලිකා විදුහල
අනු ශූරතාව - අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල

‘සී’ කාණ්ඩය
ශූරතාව - වත්තල ලයිසියම් ජාත්‍යන්ත පාසල
අනු ශූරතාව - පානදුර ශ්‍රී සුමංගල විදුහල

‘ඩී’ කාණ්ඩය
ශූරතාව - කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විදුහල
අනු ශූරතාව - අම්බලන්ගොඩ දේවානන්ද විදුහල

‘ඊ’ කාණ්ඩය
ශූරතාව - කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය
අනු ශූරතාව - මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විදුහල

 

ගාල්ල රිච්මන්ඞ් විදුහල් කණ්ඩායම් නායකයා ශූරතා කුසලාන ලබාගනිමින්...

 

 

කොළඹ විශාඛා විදුහල් කණ්ඩායම් නායිකාව ශූරතා කුසලාන ලබාගනිමින්...


අදහස් (0)

රිච්මන්ඩ් - විශාකා විදුහල් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.