Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රිච්මන්ඩ් - ඇලවීෂියස් තරගය හෙට

රිච්මන්ඩ් - ඇලවීෂියස් තරගය හෙට

editorial - 2019 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රත්ගම ගාමිණි මහදුර)

ගාල්ල රිච්මන්ඩ් විදුහල හා සාන්ත ඇලවීෂියස් විදුහල අතර 26 වැනි වරටත් පැවැත්වෙන වාර්ෂික රගර් තරගය හෙට (ජූලි 15)  ප.ව. 3.00ට කොග්ගල නිදහස් ආයෝජන කලාපීය ක්රී ඩාංගනයේ දී පැවැත්වේ. 1992 වසරේ ඇරඹුණු මෙම රග්බි තරගය හිටපු නියෝජ්‍ය  පොලිස්පති ටී.වී. සුමනසේකර අභියෝගතා කුසලාන සඳහා පැවැත්වෙයි. 

මෙවර තරගයේ සත්කාරකත්වය සාන්ත ඇලවීෂියස් විදුහල දරයි. 

තරග ඉතිහාසය දෙස බැලීමේදී 13 වතාවක් සාන්ත ඇලවීෂියස් විදුහල ජය ලබා ඉදිරියෙන් සිටින අතර රිච්මන්ඩ් විදුහල මෙතෙක් දිනා ඇත්තේ තරග 9ක් පමණි. තුන් වතාවක් තරගාවලිය ජය පැරදුමෙන් තොරව නිමවී ඇත. 

සිව්වැනි වස‍රේ වර්ණලාභියෙකු වන හිරුවින්ද ගුරුගමගේ සාන්ත ඇලවීෂියස් විදුහල් පිලට නායකත්වය දෙයි. සිව්වැනි වසරේ  ක්‍රීඩකයෙකු වන උදාර සචින්ත රිච්මන්ඩ් විදුහල් පිලට නායකත්වය දෙයි. 

දිවයිනේ රග්බි ක්‍රීඩාවේ ප්‍රධාන තරග පවත්වන කොළඹ හා මහනුවර හැරුණු විට කොළඹින් පිට පළාතක පැවැත්වෙන එකම රග්බි තරගය වන්නේ සාන්ත ඇලවීෂියස් - රිච්මන්ඩ් තරගයයි. රිච්මන්ඩ් පිල 2016 වසරේ අවසන් වරට ජය ලබා ඇති අතර 2018 වසරේ සාන්ත ඇලවීෂියස් පිල ජයගත්තේය. 

රිච්මන්ඩ් විදුහල් පිලේ පුහුණුකරු ලෙස එස්.පී.කේ. සමරසේන මහතා කටයුතු කරන අතර රග්බි ක්‍රීඩාභාර ආචාර්ය ලෙස උදාර ආදිහෙට්ටි මහතා කටයුතු කරයි. සාන්ත ඇලවීෂියස් විදුහල් පිලේ පුහුණුකරු ලෙස ආදි ශිෂ්‍ය ඩිලන්ජන් සංදීප මහතා කටයුතු කරන අතර සහාය පුහුණුකරු ලෙස කවිඳු ඩිල්ශාන් මහතා කටයුතු කරයි. 

ගා/සාන්ත ඇලවීෂියස් විද්‍යාලීය කණ්ඩායම
අසුන් ගෙන ඇති: (වමේ සිට දකුණට)

දිලංජන සංදීප (පුහුණු කරු), මෙවන් හේමසර (උපනායක), ගරු ඩොමිනික් සමීර පියතුමා (රගර්  ක්‍රීඩාභාර ආචාර්ය), ජගත් සේමසිංහ (ක්රීපඩා පරිපාලක), නයනප්‍රිය පෙරේරා මහතා ( විදුහල්පති),  ප්‍රසන්න වීරමන් මහතා (නියෝජ්‍ය විදුහල්පති ක්‍රීඩා), හිරුවින්ද ගුරුගමගේ (නායක), කවිඳු දිල්ශාන් (සහාය පුහුණුකරු), කේ.එච්.එස්. පෙරේරා (පුහුණුකරු කණිෂ්ඨ)

පළමු පෙළ : (වමේ සිට දකුණට)
ඉසුරු දිල්ශාන්, ජනිත් ශාමින්ද, කවිඳු ලක්ෂාන්, සාලිය බණ්ඩාර, මනුෂ සඳරුවන්, ගමිත සඳරුවන්, යසිඳු ඩිල්ෂාන්, පුන්සර සඳරුවන්, රුසිරු ලක්ෂිත, තඹර කෞෂාන්, රයන් සුභසිංහ

දෙවන පෙළ: (වමේ සිට දකුණට)
ඕදාත සහිරංග, රවිඳු කවිශාන්, රන්දික චමෝද්, නිමේෂ් මාලින්ද, අකලංක බණ්ඩාර, හිමාෂ් රවීෂ, ගයේෂාන් නවෝද්ය්, මිසල් චමත්ක, හසින්ද්‍ර අචින්ත

තෙවන පෙළ: (වමේ සිට දකුණට)
මහිල්ක ශෙහාන්, අමිඳු කෞෂල්ය), මනුෂ කවීන්, රජිත වීරසිංහ, ලක්ෂාන් ධනංජය, පසිඳු ප්‍රවීන්


ගා/රිච්මන්ඩ් විද්‍යාලීය කණ්ඩායම
අසුන් ගෙන  (වමේ සිට දකුණට)
දුලාර මාලිංග (උප නායක) , පී.කේ. සමරහේවා මහතා (පුහුණුකරු), එස්.ආර්. නානායක්කාර මහතා ( ක්‍රීඩාභාර ආචාර්ය), සම්පත් වේරගෙඩ මහතා(විදුහල්පති), එස්.එස්. නාගහවත්ත මහතා (නියෝජ්‍ය විදුහල්පති), උදාර ආදිහෙට්ටි මහතා(රගර් භාර ආචාර්ය), උදාර සචින්ත (නායක).

පළමු පෙළ : (වමේ සිට දකුණට)
සසිදු කවින්ද, ඔෂාර චිරන්ත, රුෂ්මික දිල්මින්, මල්ෂ පැතුම්, පසිදු ලක්ෂාන්, එරංග තක්ෂල්, සකුණ බිගුසර, සහන් නිර්මල,  ප්‍රගීත් ධනංජ, හසිත් සිනෙත්, ඉන්දික ප්‍රසාද්, තරිදු ශ්‍රී ලංකේෂ්වර, නාතාෂ සත්මික, ශෂික ප්‍රමුදිත්.

දෙවන පෙළ: (වමේ සිට දකුණට)
හිමාන් සිඩ්නි, පවන් සංජුල, චාරුක ජනදීප, තරිදු ශ්‍රීපති , ඉශාන් දිලොචන, යොමේෂ් රමින්ද, සමිත් දිල්ෂාන්, උෂාන් සුලක්ෂණ, සංදීප් දිල්ෂාන්, චතුරංග ප්‍රමිත, ජනුද සදුනිත, ඉෂාන් කාවින්ද, නිම්න සදුන්, නෙත්සර දුලංජන.

ගා/රිච්මන්ඩ් විද්‍යාලීය කණ්ඩායම

ගා/සාන්ත ඇලවීෂියස් විද්‍යාලීය කණ්ඩායම

 

 


අදහස් (0)

රිච්මන්ඩ් - ඇලවීෂියස් තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.