Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාම් ප්‍රකාශ් එන්න බෑ කියයි

රාම් ප්‍රකාශ් එන්න බෑ කියයි

යොහාන් භාසුර - 2019 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ධූරයට දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් මහතා පත්කිරීමේ යෝජනාව අද (14) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.  එංගලන්තයේ හිටපු ප්‍රබල පිතිකරුවකු වන මාක් රාම්ප්‍රකාෂ් මහතා පුහුණුකරු ධූරයට පත්වීමට සූදානම්ව සිටිය ද ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන් සම්බන්ධයෙන් උද්ගතව තිබෙන ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් ඒ මහතා අවසන් මොහොතේ පුහුණුකරු ධූරය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

විදේශීය පන්දු රැකීමේ පුහුණුකරුවකු පත්කිරීමට නම් කීපයක් විධායක කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

මිකී ආතර් මහතා අවසන් වරට පාකිස්තානු පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය. ලෝක ක්‍රිකට් පිටියේ පුහුණුකරුවකු ලෙස නමත් දිනාසිටින මිකී ආතර් මහතා පළමු පෙළ තරග 110 කදී ලකුණු 6657 ක් රැස්කර තිබේ.

 


අදහස් (0)

රාම් ප්‍රකාශ් එන්න බෑ කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.