Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජ්‍ය සේවා පාපන්දු ශූරතාව මහනුවර නගර සභාවට

රාජ්‍ය සේවා පාපන්දු ශූරතාව මහනුවර නගර සභාවට

editorial - 2020 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


රාජ්‍ය සේවා පාපන්දු කුසලාන (2019-20) මහනුවර මහනගර සභා කණ්ඩායම දිනාගත්තේය.

බැද්දගාන ජාතික පාපන්දු සංවර්ධන මධ්‍යස්ථාන පිටියේදී පැවති අවසන් මහ තරගයේ දී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා කණ්ඩායම දඬුවම් පහර 6-4කට පරාජය කරමින් මහනුවර නගර සභා ක්‍රීඩකයෝ මෙම ජයග්‍රහණය ලබා ගත්හ.

තරගයේ නියමිත කාලය ගෝල 1-1ක් ලෙස සම ලකුණු තත්ත්වයක් වාර්තාවීමෙන් එහි විසඳුම මෙසේ දඬුවම් පහර මත තීරණය විය. කණ්ඩායම් 12ක් සහභාගි වූ මෙහි අවසන් පූර්ව වටයේ දී මහනුවර  නගර සභා කණ්ඩායම විසින් කුරුණෑගල නගර සභා කණ්ඩායම ද (1-0), කෝට්ටේ නගර සභා කණ්ඩායම විසින් බන්ධනාගාර කණ්ඩායම ද (1-0) පරාජය කරන ලදී.

අවසන් මහ තරගයේ වීරයා ලෙස මොහොමඩ් ආසික් ද (මහනුවර මහ නගර සභා), හොඳම කුසලතා පූර්ණ ක්‍රීඩකයා ලෙස ඩී.එස්.කේ. ප්‍රනාන්දු ද (මහනුවර මහ නගර සභා), තරගාවලියේ හොඳම විනයගරුක කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා රේගු කණ්ඩායම ද විශේෂ සම්මාන ලැබූහ.

රාජ්‍ය සේවා පාපන්දු සංගමය මෙම වාර්ෂික පිළිමළුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලිය මෙවරත් සංවිධානය කළේය.

- 223


අදහස් (0)

රාජ්‍ය සේවා පාපන්දු ශූරතාව මහනුවර නගර සභාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.