Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජකීයයෝ ජයග්‍රහණ ත්‍රිත්වය සොයති

රාජකීයයෝ ජයග්‍රහණ ත්‍රිත්වය සොයති

යොහාන් භාසුර - 2019 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි පිටියේ පැරණිතම රග්බි තරගාවලිය වන කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර ‘බ්‍රැඞ්බි පළිහ’ වාර්ෂික රග්බි  තරගාවලියේ 75 වැනි දිගහැරුමේ පළමු අදියර තරගය පල්ළෙකැලේ ත්‍රිත්ව විදුහල් රග්බි පිටියේදී හෙට (01) පැවැත්වේ. මෙම තරගය හෙට පස්වරු 4.15 ට ආරම්භ වීමට නියමිතය.

රාජකීය විදුහල 2017 සහ 2018 යන වසරවලදී ජය ලබමින් මෙවර පිට පිටම තෙවැනි වසරටත් ජය ලැබීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි. ත්‍රිත්ව විදුහල 2015 වසරේ සිට ජය ලබා නොමැති අතර 2016 වසරේ තරගය ලකුණු සමව අවසන් විය.

මෙම කණ්ඩායම් දෙකම අන්තර් පාසල් වයස 19 න් පහළ රග්බි තරගාවලියේ පළමු කොටසේ ක්‍රීඩා කරයි. රාජකීය විදුහල පළමු වටයේ තරග පහෙන් තරග හතරක් ජය ලබමින් ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ ද, ත්‍රිත්ව විදුහල තරග තුනක් ජය ලබා ‘බී’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවෙයි.

මෙවර රාජකීය විදුහල් පිලේ නායකයා ලෙස තුලයිබ් හසීන් ද, ත්‍රිත්ව විදුහල් පිලේ නායකයා ලෙස රිෂාන් බණ්ඩාරනායක ද, කටයුතු කරති.  

පල්ළෙකැලේදී අද පැවැත්වෙන පළමු අදියර තරගය අන්තර් පාසල් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරගයක් බවට ද පත්ව තිබේ.  ශ්‍රී ලංකා පාසල් රග්බි ක්‍රීඩාවේ ආරම්භක පාසල් දෙකක් වන රාජකීය විදුහල සහ ත්‍රිත්ව විදුහල අතර පළමු ‘බ්‍රැඞ්බි පළිහ’ තරගය 1920 වසරේ පවත්වා තිබේ. එතැන් සිට මෙම තරගය අඛණ්ඩව වාර්ෂික තරගයක් ලෙස පවත්වා තිබේ.

රාජකීය විදුහලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ ඊ. එල්. බ්‍රැඞ්බි මහතා 1945 මෙම තරගය අදියර දෙකකින් සමන්විත වාර්ෂික තරගයක් ලෙස පැවැත්වීමට කටයුතු කළේය.  එම තරගාවලියේ ශූරතා පළිහ ද ඊ. එල්. බ්‍රැඞ්බි මහතා ප්‍රදානය කිරීමෙන් මෙම තරගය ‘බ්‍රැඞ්බි පළිහ’ ලෙස නම් කෙරිණි.

 මෙම තරගයේ මේ දක්වා පවත්වා ඇති තරග 74 දී ත්‍රිත්ව විදුහල ජයග්‍රහණ 39 ක් වාර්තා කර තිබේ. රාජකීය විදුහල අවස්ථාව 33 කදී ජය ලබා ඇති අතර වසර දෙකක් තරගය සම තත්ත්වයෙන් අවසන් වී ඇත.

මෙම තරගය අදියර දෙකකින් සමන්විත අතර මෙවර දෙවැනි අදියර තරගය කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී ජූනි මස 15 වැනිදා පස්වරුවේ පැවැත්වීමට නියමිතය. එම තරග දෙකේ ලකුණු එකතුවෙන් ජයග්‍රහණය තීරණය වේ.


රාජකීය විදුහල් කණ්ඩායම
තුලයිබ් හසීන්, ඩිල්ෂාන් ජයා, මොහොමඞ් අල් නර්වාන්, වෙහාන් මන්තිල, ඉඳුවර ඉලුක්පිටිය, පසිඳු ගුරුසිංහ, රජිඳු ජයසූරිය, ෆාහිල් අදහන්, ජනින්ද්‍ර නානායක්කාර, ළහිරු තිලකරත්න, කෙවින් සමරසිංහ, අචින්ත රදීෂාන්, රදීෂ් විජේරත්න, අවිෂ්ක කේලේගගම, විරේන් ගජනායක, සමාධි ඉඳුවර, නිපුන යශෝජන, කවීන් සාරංග, මිගාර මිහිසංඛ, රවීන් ෂෙනුක, කලිදු නන්දිල, ලෙහාන් ගුණරත්න, හර්සිත් පීරිස්, අබ්දුල් රහමන්, කාෂ්ශප අමරසිංහ, චමිත්ත දිවංක, අවීන් ජෝර්ජ්, අෂේන් ඉඳුවර, මලීෂ පෙරේරා, මොහොමඞ් අබ්දුල්ලා, යසිස් රෂ්මික, දුලාන් ගුණවර්ධන, පවන් කවිෂ්ක අදිත්‍ය වීරසූරිය සහ මධූෂ විකුම්

ත්‍රිත්ව විදුහල් කණ්ඩායම
රිෂාන් බණ්ඩාරනායක (නායක), නිමේෂ් ඒකනායක, නිරංජන් විතාරණ, එම්.  අබ්දුල්ලා, යෂ්වට් මේකන්, චේතිය පනන්වෙල, දුලංන්දිත් නෙත්වර, ලෙනොක්ස් කල්‍යානරත්න, දිනේන්ද්‍ර රත්වත්ත, ටෙහාන් කරුණානායක, මිගාර සුබසිංහ, අමිත් කුලතුංග, හර්ෂ සමරසිංහ, ටෙවින් කරුණානායක සහ ගීෂප කුලතුංග

 


අදහස් (0)

රාජකීයයෝ ජයග්‍රහණ ත්‍රිත්වය සොයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.