Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජකීය - ශා. ජෝෂප් අවසන් ගැටුම හෙට

රාජකීය - ශා. ජෝෂප් අවසන් ගැටුම හෙට

editorial - 2021 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ » වැනි කොටසේ ‘ඒ‘ කාණ්ඩයේ අවසන් මහ තරගය හෙට (01 වැනිදා) කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙම තරගයේදී මරදාන ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව කොළඹ රාජකීය විදුහල තරග බිමට පිවිසෙයි. 

අර්ධ අවසන් පූර්ව වටයේදී ගාල්ල රිච්මන්ඩ් විදුහල පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසි ශාන්ත ජෝෂප් විදුහල, අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ මහනුවර ත්‍රිත්ව විදුහල පරාජය කරමිනි.

අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ නාලන්දා විදුහල පරාජය කළ රාජකීයයෝ මහානාම විදුහල පරාජය කරමින් අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ දුනිත් වෙල්ලාලගේ සහ අහන් වික්‍රමසිංහ අවසන් මහ තරගයේදී දෙපිල මෙහෙයවති. ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායම දුනිත් වෙල්ලාලගේ විසින් මෙහෙයවනු ලබන අතර අහන් වික්‍රමසිංහ රාජකීය විදුහල් කණ්ඩායම මෙහෙයවයි.

රාජකීය විදුහල් සංචිතය

අහන් වික්‍රමසිංහ (නායක), කවිඳු පතිරණ (උප නායක), ඉසිවර දිසානායක, ගිෂාන් බාලසූරිය, ප්‍රශාන් කල්හාර, දසිස් මංචනායක, සදිෂ රාජපක්ෂ, සොනාල් අමරසේකර, ඩැනියෙල් පොඩ්ඩිවෙල, සෙහාන් හේරත්, සිනෙත් ජයවර්ධන, අෂේන් ගමගේ, උවිඳු වීරසේකර, උතුම් දිසානායක, නෙතින් පනාපිටිය, දමිත් කප්පාගොඩ, රෙසඳු තිලකරත්න සහ ළහිරු ගඟේවත්ත, 
ජෙහාන් මුබාරක් (ප්‍රධාන පුහුණුකරු)
අජන්ත කුමාර සහ තරන්ත මෙනේරිගම (සහකාර පුහුණුකරුවෝ) 
අරුණ ප්‍රෂාන්ත (ක්‍රිකට් භාර ආචාර්ය) 

ශාන්ත ජෝෂප් විදුහල් සංචිතය

දුනිත් වෙල්ලාලගේ (නායක), ෂෙවෝන් ඩැනියෙල්, දිනාල් අනුරාධ, අෂාන් ද අල්විස්, ෂෙරාන් ෆොන්සේකා, මිතිර තේනුවර, යසිත් රූපසිංහ, ෂේනුක ද සිල්වා, දිනෙත් ඇන්තනී, සදීෂ් ජයවර්ධන, ගඟන් චමෝද්, ෂෙනුක් සේරසිංහ, දේෂාන් සෙනෙවිරත්න, හිරාන් ජයසුන්දර, ළහිරු අමරසේකර, සහන් දාබරේ, හිරුන් මතීෂ, යෙනුල දෙව්තුස, සසංක රණවීර සහ කෙනත් සස්මින 
ඩිලාන් රාමනායක (ප්‍රධාන පුහුණුකරු)
කනිෂ්ක වික්‍රමසිංහ (සහාය පුහුණුකරු) 
ආසිරි කල්දේරා (ක්‍රිකට් භාර ආචාර්ය)

 


අදහස් (0)

රාජකීය - ශා. ජෝෂප් අවසන් ගැටුම හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.