Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාගම - සී.සී.සී - බදුරලිය - කෝල්ට්ස් අ.අ.පූ. වටයට

රාගම - සී.සී.සී - බදුරලිය - කෝල්ට්ස් අ.අ.පූ. වටයට

රොෂාන් ගුණරත්න - 2020 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට රාගම, සී.සී.සී, බදුරලිය සහ කෝල්ට්ස් යන කණ්ඩායම් ඊයේ (15 වැනිදා) සමත්වූහ.

‘බී’ සහ ‘සී’ කාණ්ඩයන්හී මූලික වටයේ තරග 12 වැනිදා අවසන් වූ අතර එහිදී එන්.සී.සී, එස්.එස්.සී, හලාවත මේරියන්ස් සහ යුදහමුදාව යන කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

‘ඒ’ සහ ‘ඩී’ කාණ්ඩයන්ගෙන් තරග කරන කණ්ඩායම් සංඛ්‍යාව අනෙක් කාණ්ඩ වලට වඩා එකක් වැඩි බැවින් ඔවුන්ගේ මූලික වටයේ තරග ඊයේ අවසන් විය.

රාගම සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගය පෙරවරුවේදීත්, බදුරලිය සහ සී.සී.සී කණ්ඩායම් අතර පළමු අර්ධ අවසන් පූර්ව තරගය පස්වරුවේදීත්, කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. හලාවත මේරියන්ස් සහ එස්.එස්.සී කණ්ඩායම් අතර තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය පෙරවරුවේදීත්, එන්.සී.සී සහ යුදහමුදා කණ්ඩායම් අතර දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය හවස් වරුවේදීත් පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.
අවසන් පූර්ව වටයේ තරග 19 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදීත් අවසන් මහ තරගය 21 වැනිදා එස්.එස්.සී ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතව ඇත.

මූලික වටයේ තරග අවසන් වන විට ශතක 3 ක් වාර්තා වූ අතර කුරුණෑගල යොවුන් පිලට එරෙහිව හලාවත මේරියන්ස් පිලේ ශෙහාන් ජයසූරියත්, ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව සැරසන්ස් පිලේ අෂේන් බණ්ඩාර සහ මහනුවර කස්ටම්ස් පිලට එරෙහිව නුගේගොඩ පිලේ ඉරෝෂ් සමරසූරිය ශතක වාර්තා කිරීමට සමත්වූහ.

මූලික වටයේ තරග අවසන් වනවිට තරග 6 කදී අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 263 ක් රැස්කළ රාගම පිලේ නිෂාන් ප්‍රනාන්දු වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට සමත්වී ඇති අතර තරග 5 කදී ශතකයක් සහ අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 259 ක් රැස්කළ මේරියන්ස් පිලේ ශෙහාන් ජයසූරිය දෙවැනි ස්ථානයටත්, තරග 5 කදී අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 236 ක් රැස්කළ සැරසන්ස් පිලේ මිලින්ද සිරිවර්ධන තෙවැනි සථානයටත් පත්වී ඇත.

තරග 6 කදී කඩුලු 13 ක් ලබාගත් සී.සී.සී පිලේ මාලින්ද පුෂ්පකුමාර තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට සමත්වී ඇති අතර හලාවත මේරියන්ස් පිලේ අසිත ප්‍රනාන්දු, කෝල්ට්ස් පිලේ ප්‍රභාත් ජයසූරිය, වරාය අධිකාරීය පිලේ සුපුන් කාවින්ද, ගුවන් හමුදා පිලේ ලසඳ රුක්මාල් සහ එම කණ්ඩායමේම සංජය රණවීර කඩුලු 12 බැගින් දවාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ පසුවූහ.


අදහස් (0)

රාගම - සී.සී.සී - බදුරලිය - කෝල්ට්ස් අ.අ.පූ. වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.