Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රළ මත ලිස්සා යාමේ ජාතික තරගාවලිය 26-27

රළ මත ලිස්සා යාමේ ජාතික තරගාවලිය 26-27

ශානුක අරවින්ද - 2020 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


රළ මත ලිස්සා යෑමේ ජාතික සහ විවෘත තරගාවලිය මේ මස 26 සහ 27 යන දිනවල ආරුගම්බේ මුහුදු තීරයේදී පැවැත්වේ. රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාව සම්බන්ධ ජාතික සම්මේලනයේ පූර්ණ අධීක්‍ෂණය ඇතිව  ලංකා ස්පෝර්ට්රයිසන් සමාගම විසින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.

කොවිඞ්-19 වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු රළ මත ලිස්සා යෑමේ තරගාවලිය මෙයයි.  ඒ සඳහා දේශීය ක්‍රීඩකයන් 50 ක් සහ විදේශීය ක්‍රීඩකයන් 25 ක් පමණ සහභාගි වනු ඇතැයි සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

තරගාවලියේ මූලික තරග 26 වැනිදා දිනය පුරා පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග සහ අවසන් මහ තරග 27 වැනිදා පෙරවරුවේදී පැවැත්වීමට නියමිතය. ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීම 27 වැනිදා පස්වරුවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ මස 27 වැනිදාට යෙදී ඇති ලෝක සංචාරක දිනයට සමගාමීව මෙම තරගාවලිය සංවිධානය කිරීමට පියවර ගත් බවත්, නැගෙනහිර පළාතේ බිඳ වැටී ඇති සංචාරක ව්‍යාපාරයට මෙම තරගාවලිය මගින් නව පිබිදීමක් ඇතිකිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ලංකා ස්පෝර්ට්රයිසන් සමාගමේ සභාපති තිලක් වීරසිංහ මහතා පැවසීය. ක්‍රීඩා අමාත්‍යංශයේ සහ සංචාරක අමාත්‍යංශයේද සාමූහික දායකත්වය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයන් ලෙස ශ්‍රී ලංකා මොබිටෙල් සමාගම සහ ලින් ඒෂියා හෝල්ඩින්ග්ස් සමාගම කටයුතු කරයි.

මින් පෙර බ්‍රිතාන්‍ය වෘත්තීය තරගාවලියක්, ජපාන වෘත්තීය ක්‍රීඩකයන් සඳහා ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක්, ඕස්ටේ්‍රලියානු වෘත්තීය ක්‍රීඩකයන් සමග එක්ව (පිරිමි) කෙටි පුවරු තරගාවලියක්, ඕස්ටේ්‍රලියානු වෘත්තීය ක්‍රීඩකයන් සමග එක්ව (පිරිමි සහ කාන්තා) දිගු පුවරු තරගාවලියක් සහ ලෝක රළ මත ලිස්සා යෑමේ ලීගය සමග එක්ව (පිරිමි) කෙටි පුවරු තරගාවලියක් සංවිධානය කර ඇති ලංකා ස්පෝර්ට්රයිසන් සමාගමට රළ මත ලිස්සා යාමේ තරග සංවිධානය කිරීම සම්බන්ධයෙන් මනා පළපුරුද්දක් තිබේ.

 


අදහස් (0)

රළ මත ලිස්සා යාමේ ජාතික තරගාවලිය 26-27

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.