Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රමේෂ් විස්සයි-20 දොරටුව අබියස

රමේෂ් විස්සයි-20 දොරටුව අබියස

යොහාන් භාසුර - 2019 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඕස්ට්‍රේලියාවේදී මේ මස අග ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට පිට දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා විස්සයි20 පිලේ අවසන් තරගාවලි වන නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලියේදී උප නායකත්වය දැරූ නිරෝෂන් දික්වැල්ල සහ ළහිරු මධුසංඛ සංචිතයෙන් ඉවත්කිරීමට බොහෝ දුරට තිබේ. එම තරගාවලියට සහභාගි වූ පිට දඟ පන්දු යවන අකිල ධනංජයගේ ස්ථානයට රමේෂ් මෙන්ඩිස් කැඳවීමට නියමිතය.

රමේෂ් මෙන්ඩිස්, බංග්ලාදේශ ‘ඒ’ පිලට එරෙහිව දැන් පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේදී පන්දු යවන්නකු ලෙස කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්ව සිටියි. 24 හැවිරිදි රමේෂ් වේගයෙන් පන්දුවට පහර දියහැකි පිතිකරුවකු ලෙස ද ප්‍රසිද්ධියක් උසුළයි.

 ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල ද නියෝනය කළ රමේෂ් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

රමේෂ් මේ වන විට පළමු පෙළ තරග 37 කදී ශතක තුනක් සහ අර්ධ ශතක 9 ක් සමගින් ලකුණු 1720 ක් රැස්කරමින්, කඩුලු 60 ක් ද දවාගෙන තිබේ. ඔහු එක්දින තරග 30 කදී කඩුලු 30 ක් ද, විස්සයි20 තරග 24 කදී කඩුලු 16 ක් ද, දවාගෙන තිබේ.

ශ්‍රී ලංකා සංචිතය හෙට (11) පස්වරුවේ ස්ථිර කිරීමට නියමිත බව වාර්තාවේ.

පාකිස්තානයට නොගිය ක්‍රීඩකයන් අතුරින් ලසිත් මාලිංග (නායක), කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස් යන ක්‍රීඩකයන්ද ඕස්ට්‍රේලියානු සංචාරයට එක්වෙතැයි අපේක්‍ෂා කෙරේ.

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු විස්සයි20 තරගය මේ මස 27 වැනිදා පැවැත්වීමට නියමිතය.  

 


අදහස් (0)

රමේෂ් විස්සයි-20 දොරටුව අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.