Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රත්නම් පිල⁣ට ගෝල 2-1 ක ජයක්

රත්නම් පිල⁣ට ගෝල 2-1 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගයකදී ගෝල 2-1 ක් ලෙස සෝන්ඩර්ස් පාපන්දු සමාජය පරාජය කිරීමට රත්නම් ක්‍රීඩා සමාජය සමත් විය. 
 
තරගයේ 38 වැනි මිනිත්තුවේදීද සුන්දර් රාජ් ලබාගත් ගෝලය හේතුවෙන් පළමු අර්ධය නිමාවන විට ගෝල 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සෝන්ඩර්ස් පාපන්දු සමාජයට හැකිවිය. 
 
කෙසේ වුවත් 58 වැනි මිනිත්තුවේදීද ගෝලයක් ලබාගත් සී.බී. අබ්ඩෙල් සහ 60 වැනි මිනිත්තුවේදීද ගෝලයක් ලබාගත් මොහොමඩ් අමාන්, තර⁣ගයේ ජය රත්නම් ක්‍රීඩා සමාජයට හිමිකර දුන්හ. 
 
එහිදී සෝන්ඩර්ස් පාපන්දු සමාජයේ සුන්දර් රාජ්, ඉසුරු පෙරේරා සහ සජිත් ධර්මපාලද, රත්නම් ක්‍රීඩා සමාජයේ හසීම් අබ්දුල්ලා, මොහොමඩ් මුෂාරෆ් සහ මොහොමඩ් අකීබ්ද කහ කාඩ්පත් ලැබූහ.
 
 - 036

අදහස් (0)

රත්නම් පිල⁣ට ගෝල 2-1 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.