Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යොවුන් පිල 29 වැනිදා කොදෙව් බලා යයි

යොවුන් පිල 29 වැනිදා කොදෙව් බලා යයි

යොහාන් භාසුර - 2019 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් පිල බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා මේ මස 29 වැනිදා පිටත්ව යෑමට නියමිතය. ශ්‍රී ලංකා යොවුන් පිලේ නායකයා ලෙස තව දුරටත් තුන් ඉරියව් ක්‍රීඩක නිපුන් ධනංජය කටයුතු කරයි.  

දකුණු අප්‍රිකාවේදී ලබන ජනවාරි මස පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙස සංවිධානය කරන මෙම තුන්කොන් තරගාවලියට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකාව සහ එංගලන්තය යන රටවල යොවුන් කණ්ඩායම් සහභාගි වෙයි.

මෙහිදී ශ්‍රී ලංකාව පළමු වටයේදී තරග 6 කට සහභාගි වන අතර අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවහොත් ශ්‍රී ලංකා පිලට සම්පූර්ණ තරගාවලියේ තරග 7 ක් හිමිවේ.  ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය දෙසැම්බර් මස 6 වැනිදා පැවැත්වෙන අතර තරගාවලිය දෙසැම්බර් මස 22 වැනිදා අවසන් වීමට නියමිතය.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය:
නිපුන් ධනංජය (නායක), කමිල් මිෂාර (උප නායක), නවෝද් පරණවිතාන, අහන් වික්‍රමසිංහ, රවිඳු රෂාන්ත, සොනාල් දිනූෂ, ලක්‍ෂාන් ගමගේ, චමිඳු වික්‍රමසිංහ, චමිඳු විජේසිංහ, අෂේන් ඩැනියල්, දිලුම් සුදීර, ඩිල්ෂාන් මධුශංඛ, අම්ෂි ද සිල්වා, යසිරු රොද්‍රිගු සහ කවිඳු නදීෂාන්


අදහස් (0)

යොවුන් පිල 29 වැනිදා කොදෙව් බලා යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.