Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යොවුන් පිල 23දා බංග්ලාදේශයට

යොවුන් පිල 23දා බංග්ලාදේශයට

editorial - 2019 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නිලනොවන ටෙස්ට් සහ එක්දින තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම මේ මස 23 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය.  එම කණ්ඩායම් දෙකෙහිම නායකත්වය නිපුන් ධනංජය වෙත පවරා තිබේ.

මෙම තරග සංචාරය සඳහා නිල නොවන ටෙස්ට් තරග 2 ක් සහ නිල නොවන එක්දින තරග 5 ක් ඇතුළත් වේ. දෙරට අතර පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරගය මේ මස 26 වැනිදා සිට 29 වැනිදා දක්වා බරිසාල්හිදී පැවැත්වෙන අතර දෙවැනි නිලනොව ටෙස්ට් තරගය නොවැම්බර් 2 වැනිදා සිට 5 වැනිදා දක්වා කුල්නාහිදී පැවැත්වේ.

නිලනොවන එක්දින තරගාවලිය නොවැම්බර් 9, 11, 14, 17 සහ 19 දිනයන්වල කුල්නාහිදී පැවැත්වීමට නියමිතව ඇත. මෙවර බංග්ලාදේශයේ තරග සංචාරයක නිරතවන ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමට නවක මුහුණු කිහිපයක්ම එක්ව ඇත.


ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය (නිලනොවන ටෙස්ට් තරගාවලිය)
නිපුන් ධනංජය (නායක), ඩබ්ලිව්.ඒ.සී.කේ.වික්‍රමසිංහ, අභිෂේක් කහදූවආරච්චී, රවිඳු රසාන්ත, සොනාල් දිනූෂ, චිහාන් කළිඳු, ලක්ෂාන් ගමගේ, දුනිත් වෙල්ලාලගේ, රවීන් ද සිල්වා, අවිශ්ක ලක්ෂාන්, දිල්ෂාන් මදුශංක, චමිඳු විජේසිංහ, රුවින් පිරීස්, අම්ෂි ද සිල්වා, අවිෂ්ක පෙරේරා, මතීෂ පතිරණ.


ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය (නිලනොවන එක්දින තරගාවලිය)
නිපුන් ධනංජය (නායක), නවෝද් පරණවිතාන, මොහොමඞ් ශමාස්, අභිෂේක් කහදූවආරච්චී, රවිඳු රසාන්ත, අවිෂ්ක තරිඳු, චමිඳු විජේසිංහ, රොහාන් සංජය, කවිඳු නදීෂාන්, යසිරු රොද්‍රිගූ, දිල්ෂාන් මදුශංක, චිහාන් කළිඳු, අම්ෂි ද සිල්වා, සඳුන් මෙන්ඩිස්, සුධීර තිලකරත්න, සොනාල් දිනූෂ

 


අදහස් (0)

යොවුන් පිල 23දා බංග්ලාදේශයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.