Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යුරෝපයේ පාපන්දු ක්‍රීඩකයන් 4 ක් ජාතික සංචිතයට ඇතුළු කෙරෙයි

යුරෝපයේ පාපන්දු ක්‍රීඩකයන් 4 ක් ජාතික සංචිතයට ඇතුළු කෙරෙයි

නාමල් පතිරගේ - 2020 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය තහවුරු කරගත් ශ්‍රී ලාංකික සම්භවයකින් යුත් ක්‍රීඩකයන් සිව් දෙනකු ජාතික පාපන්දු පුහුණු සංචිතයේ නේවාසික පුහුණුවීම් සඳහා තව නොබෝ දිනකින් කැඳවන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි. ඔවුන්ගෙන් දෙදෙනෙක් ජර්මනියේ ලීග් පාපන්දු තරග පෙළට සහභාගිවී සිටින එකම පවුලේ සහෝදරයෝ වෙති.

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමිකර ගත් මෙම ක්‍රීඩකයන් සිව් දෙනා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ එළඹෙන උතුරු කොරියානු ලෝක කුසලාන සුදුසුකම් තරග සංචාරයට ඇතුළත්වීමේවැඩි ඉඩක් පවතින බවද පාපන්දු සම්මේලනයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.

යුරෝපය ඇතුළු වෙනත් රටවල් කීපයක ලීග් පාපන්දු ක්‍රීඩාවේ නිරතව සිටින ශ්‍රී ලාංකික සම්භවයකින් යුත් ක්‍රීඩකයන් 12 දෙනෙකු ගැන මේ වනවිට අවධානය යොමු කර සිටින ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඔවුන්ගේ සේවය ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ලබාගැනීම සඳහා උනන්දු වී සිටියි. ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා මෙන්ම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තාක්ෂණික උපදේශකවරයාද වන අමීර් ඇලජික් මහතාගේ උපදෙස් පරිදි පාපන්දු සම්මේලනය මෙම කටයුත්තට අත ගසා සිටියි.

වසර 2022 කටාර් රාජ්‍යයේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආසියානු කලාප දෙවැනි වටයේ තරග තුනක් ශ්‍රී ලංකාවට ඉතිරිව තිබේ. එහි පළමු තරගය ලබන ඔක්තෝබර් 8 වැනිදා උතුරු කොරියාවට එරෙහිව උතුරු කොරියාවේදී පැවැත්වීමට නියමිතය.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නීති රීති අනුව ද්විත්ව පුරවැසිභාවය හිමිකර ගෙන සිටින ක්‍රීඩකයෙකුට තමන් කැමැති පරිදි එම එක් රටක ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවසරය හිමිවේ.

 


අදහස් (0)

යුරෝපයේ පාපන්දු ක්‍රීඩකයන් 4 ක් ජාතික සංචිතයට ඇතුළු කෙරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.