Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යුනිචෙලා පිල අවසන් තරගයට

යුනිචෙලා පිල අවසන් තරගයට

රොෂාන් ගුණරත්න - 2020 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට මාස් යුනිචෙලා පිල අද (24 වැනිදා) සමත්විය. පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ඩිමෝ පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට මාස් යුනිචෙලා පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 169 ක ඉලක්කයක් හඹාගිය මාස් යුනිචෙලා පිලට ඕවර 19.4 කදී කඩුලු 5 ක් පමණක් දැවී ඉලක්කය පසු කිරීමට සමත්විය.

තිලකරත්න සම්පත් අර්ධ ශතකයක් ලබාගනිමින් මාස් යුනිචෙලා පිලට ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.

කාසියේ වාසිය දිනු මාස් යුනිචෙලා පිල පළමුව පන්දුවට පහරදීමට ඩිමෝ පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 168 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.
තික්ෂිල ද සිල්වා අර්ධ ශතකයක් (51) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ධම්මික ප්‍රසාද් කඩුලු 4 ක් ද නුවන් තුෂාර සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.


ඩිමෝ - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 168
(තික්ෂිල ද සිල්වා 51, ධම්මික ප්‍රසාද් 31/4, නුවන් තුෂාර 23/2, වනිඳු හසරංග 34/2)

මාස් යුනිචෙලා - ඕවර 19.4 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 169
(තිලකරත්න සම්පත් 77, දිලේෂ් ගුණරත්න 25/2)

 


අදහස් (0)

යුනිචෙලා පිල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.