Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යුද හමුදාව 27-25 කින් සී. එච්. පරදවයි

යුද හමුදාව 27-25 කින් සී. එච්. පරදවයි

editorial - 2020 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ හයවැනි සතිය යටතේ වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී අද (28) පැවැති තරගයේදී යුද හමුදා පිල ලකුණු 27-25 කින් සී. එච්. ඇන්ඩ් එෆ්. සී. පිල පරාජය කිරීමට සමත් විය.

ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ සිටින යුද හමුදා පිල මෙවර තරගාවලියේ මේ දක්වා තරග 13 දී ලැබූ තෙවැනි ජය මෙය වේ.

යුද හමුදා පිල මෙම තරගයේදී ලබාගත් අතිරේක ප්‍රසාද ලකුණ ද සමගින් තරග 13 දී අතිරේක ප්‍රසාද ලකුණු 11 ක් හිමිකරගැනීම කැපී පෙනේ.

යුද හමුදා පිල ගෝල තුනකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු 27 රැස්කළේය. සී. එච්. පිලට ගෝලයකින්, උත්සාහක දිනුම් තුනකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු පුවරුව 10-10 ක් ලෙස සම තත්ත්වයෙන් පැවතුණි.

ජයග්‍රාහි යුද හමුදා පිලට ටොමාසි රවොයුවොයු උත්සාහක දිනුම් දෙකක් ද, ෂෙහාන් සිල්වා උත්සාහක දිනුමක් ද එකතු කළහ. ඉසුරු මැදගෙදර ගෝල ප්‍රවර්ථන තුන සහ දඩුවම් පහර දෙක සාර්ථක කළේය.

චතුර ඩිල්ෂාන්, අනුරාධ හේරත්, ප්‍රසාද් මධුසංඛ සහ චාමර දාබරේ, සී. එච්. පිලට උත්සාහක දිනුම බැගින් එකතු කිරීමට සමත් වූහ. සම්පත් හිරුෂාන් ගෝල ප්‍රවර්ථනයක් සහ දඬුවම් පහරක් සාර්ථක කළේය.

- 048


අදහස් (0)

යුද හමුදාව 27-25 කින් සී. එච්. පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.