Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යුද හමුදා පිල 45-26 කින් නාවික හමුදාව පරදවයි

යුද හමුදා පිල 45-26 කින් නාවික හමුදාව පරදවයි

editorial - 2020 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ හත්වැනි සහ අවසන් සතියේ තරග ආරම්භ කරමින් කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද (06) පස්වරුවේ පැවැති තරගයේදී යුද හමුදා ක්‍රීඩකයෝ ලකුණු 45-26 කින් නාවික හමුදා පිල පරාජය කිරීමට සමත් වූහ.

යුද හමුදා පිල මෙවර තරගාවලියේ තරග 14 කදී ලැබූ සිවුවැනි ජයග්‍රහණය මෙය වේ.

ජයග්‍රාහි යුද හමුදා පිල ගෝල පහකින් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුණු 45 රැස්කළේය. නාවික හමුදා පිලට ගෝල තුනකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු එකතු විය.

නාවික හමුදා පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 26-12 ක් ලෙස ලකුණු 14 කින් පෙරමුණේ පසුවුවද යුද හමුදා පිල දෙවැනි අර්ධයේදී අනපේක්‍ෂිත ලෙස ලකුණු 33 ක් රැස්කිරීමෙන් තරගය කණපිට පෙරළිණි.

යුද හමුදා පිල දෙවැනි අර්ධයේදී ගෝල හතරක් සහ උත්සාහක දිනුමක් සම්පූර්ණ කරද්දී නාවික හමුදා පිල කිසිඳු ලකුණක් ලබාගැනීමට අපොහොසත් වීම කැපී පෙනුණි.

යුද හමුදා පිලේ මධුසංඛ චන්ද්‍රසේකර තරගයේ වීරයා බවට පත්වෙමින් උත්සාහක දිනුම් තුනක් සම්පූර්ණ කිරීමට සමත් විය. ධනුෂ්ක තල්වත්ත උත්සාහක දිනුම් දෙකක්, විදේශ ක්‍රීඩක තොමාසි රවොයුවොයු සහ සුදාකර දික්කුඹුර උත්සාහක දිනුම බැගින් ද, යුද හමුදා පිලට එකතු කළහ.

චමත් ප්‍රනාන්දු ගෝල ප්‍රවර්ථන තුනක් ද, ඉසුරු මැදගෙදර සහ අෂාන් බණ්ඩාර ගෝල ප්‍රවර්ථනය බැගින් ද, සාර්ථක කළහ.

නාවික හමුදා පිලට ස්ටීපන් ග්‍රොගරි, රවීන් ද සිල්වා, රදීෂ සෙනෙවිරත්න සහ චරිත් ජනිත උත්සාහක දිනුම බැගින් එකතු කළහ. ඉසුරු කෝන්ගහවත්ත ගෝල ප්‍රවර්ථන තුන සාර්ථක කළේය.

- 048


අදහස් (0)

යුද හමුදා පිල 45-26 කින් නාවික හමුදාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.