Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල 27 දා සිට

යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල 27 දා සිට

editorial - 2019 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෙජිමේන්තු 11 ක ආබාධිත රණවිරුවන් 700 ක පමණ සහභාගිත්වයෙන් පැවැත්වෙන 22 වැනි යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල හෙට (27 වැනිදා) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගමේ අනුග්‍රහකත්වය යටතේ පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල මේ මස 29 වැනිදා නිමාවට පත්වේ.  

මෙවර පැරා ක්‍රීඩා උළෙලේදී දුන්නෙන් විදීම, බැඞ්මින්ටන්, පාපැදි, වෙඩි තැබීම, මේසපන්දු, බර ඉසිලීම, රෝද පුටු, මැරතන්, ටෙනිස්, වෙරළ වොලිබෝල්, ඔරු පැදීම, පිහිනීම සහ මලල ක්‍රීඩා යන ඉසව් පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලිය වෙනුවෙන් පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඩයලොග් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කලමනාකරු (සන්නාම) හර්ෂ සමරනායක මහතා, තරගාවලියේ නිල අනුග්‍රාහක චෙක්පත යුද්ධ හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ සභාපති මෙන්ම යුද්ධ හමුදා මූලස්ථානයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් නිර්මාල් ධර්මරත්න මහතා වෙත භාර දුන්නේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ උප සභාපති බි්‍රගේඩියර් රොනල්ඞ් බෝගොඩවත්ත සහ යුද්ධ හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ ලේකම් බ්‍රිගේඩියර් රාජා ගුණසේකර යන මහත්වරුද මෙම අවස්ථාව සඳහා සහභාගි වුහ.

-036


අදහස් (0)

යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල 27 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.