Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යමාෂිගෙන් පදක්කම් දෙකක්

යමාෂිගෙන් පදක්කම් දෙකක්

editorial - 2019 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංගලාදේශයේ ඩකා නුවර පැවති 2019 දකුණු ආසියානු කරාටේ තරගාවලියේදී ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කරමින් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විදුහලේ පී.එම්.එල් යමාෂී ඒකනායක පදක්කම් දෙකක් දිනාගත්තාය. 21 න් පහළ කණ්ඩායමේ නායකත්වය දැරූ ඇය කුම්තේ ඉසව්වෙන් රිදී පදක්කමද, කාතා ඉසව්වෙන් ලෝකඩ පදක්කමද දිනා ගත්තාය.

යමාෂී විද්‍යාලයේ ක්‍රීඩා නායිකාවක ලෙසද කටයුතු කරයි. හයවැනි ශ්‍රේණියේදී කරාටේ ක්‍රිඩාව ආරම්භ කළ ඇය 2015 වසරේ ඉන්දියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය කරාටේ තරගාවලියේදී කුම්තේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

මීට අමතරව යමාෂි 2014 සිංගප්පූරුවේ පැවති ආසියානු ශාන්තකර කරාටේ තරගාවලියේදී කාතා ඉසව්වෙන් සහ කුම්තේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දිනාගත්තාය.  2017 වසරේ ශ්‍රී ලංකාවේ පැවති දකුණු ආසියානු කරාටේ තරගාවලියේදීද ඇය කාතා රන් පදක්කමක්ද, කුම්තේ ඉසව්වෙන් රිදී පදක්කමක්ද  දිනා ගත්තාය.

ඩබ්ලිම්. එස්. කේ. වී. එස් වෛජයන්ත මහතා යටතේ යමෂි කරාටේ පුහුණුව ලබයි. කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විදුහලේ විදුහල්පතිනිය වන බී. කේ මල්ලිකා රණසිංහ මහත්මියගෙන් සහ කරාටේ භාර ආචාරිණි, ප්‍රීතිමා සෙනෙවිරත්න සහ සේපාලි දමයන්ති දෙදෙනාගෙන් තමන් ලබන සහයෝගය මහත් අගය කරන බවද ඇය පවසන්නීය.

 


අදහස් (0)

යමාෂිගෙන් පදක්කම් දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.