Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යතුරුපැදි තරගාවලි නොපවත්වන්නැයි උපදෙස්

යතුරුපැදි තරගාවලි නොපවත්වන්නැයි උපදෙස්

editorial - 2020 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වෛරසය පැතිරයෑමේ අවදානමක් පවතින බැවින් නැවත දැනුම් දෙන තුරු යතුරුපැදි තරගාවලි සංවිධානය කිරීමෙන් වලකින ලෙස සිය අනු සංගම්වලට සහ ක්‍රීඩා සමාජවලට උපදෙස් දීමට ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සම්මේලනය පියවර ගෙන තිබේ.

ක්‍රීඩා අමාත්‍යංශයේ නියෝගයක් මත යතුරුපැදි ක්‍රීඩා සම්මේලනය මෙම පියවර ගෙන ඇති අතර ඒ සම්බන්ධව ලිපි මගින් සිය අනු සංගම් සහ ක්‍රීඩා සමාජ දැනුවත් කිරීමටද ඔවුන් කටයුතු කර තිබේ.

නරියාකන්ද සුපර් ක්‍රොස්, කමාන්ඩෝ සුපර් ක්‍රොස්, වලව සුපර් ක්‍රොස්, ගජබා සුපර් ක්‍රොස්, ගනර්ස් සුපර් ක්‍රොස්, කැවල්රි සුපර් ක්‍රොස්,‍ කොළඹ සුපර් ක්‍රොස්, නුවරඑළිය මොටෝ ක්‍රොස්, විජයබා මොටෝ ක්‍රොස් සහ සැපර්ස් මොටෝ ක්‍රොස් යන තරගාවලි මේ වසරේ (2020) යතුරුපැදි ක්‍රීඩා දින දර්ශනයට ඇතුළත්ව තිබෙන බොරළු සහිත ධාවන පථවල පැවැත්වෙන තරගාවලි වේ.

එම දින දර්ශනයට ඇතුළත් තාර ඇතිරූ ධාවන පථවල පැවැත්වෙන තරගාවලි‍ වන්නේ රොදර්හැම් කටුකුරුන්ද, මොබිල් වන් කටුකුරුන්ද සහ මීරිගම කැන්වේ ඔටෝ ඩ්‍රෝම් යන තරගාවලි මෙන්ම එළියකන්ද, රදැල්ල, මාගස්තොට යන කඳු තරණ තරගාවලින්ය.

-036


අදහස් (0)

යතුරුපැදි තරගාවලි නොපවත්වන්නැයි උපදෙස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.