Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යටවත්ත – නාඋල කබඩි ශූරතා දිනති

යටවත්ත – නාඋල කබඩි ශූරතා දිනති

editorial - 2020 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිරිමි ශූරතාව දිනු යටවත්ත පිල

 

මාතලේ දිසා 2020 වසරේ අන්තර් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ කබඩි තරගාවලියේ  පිරිමි ශූරතාවය යටවත්ත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට හිමිවු අතර කාන්තා කබඩි ශූරතාවය දිනා ගැනිමට නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය සමත් විය.

මාතලේ දිස්ත්‍රික් ක්‍රිඩා නිලධාරි ලක්ෂ්මන් විජේසේකර මහතාගේ උපදෙස් මත ක්‍රිඩා නිලධාරි උපාලි රත්නදිවාකර සහ ශිරෝමා අතුරුපාන යන මහත්ම මහත්මීන් එක්ව සංවිධානය කල මෙම තරගාවලිය පසුගියදා  මාතලේ එඞ්වඞ් ද සිල්වා ක්‍රිඩාංගණයේදි පැවැත්විණ-

පිරිමි අවසන් මහා තරගයේදී ගලේවෙල කණ්ඩායම පරදවා යටවත්ත කොට්ඨාශයට ජය ලැබිය. (ලකුණු තත්වය 48/37)

කාන්තා  අවසන් මහා තරගයේදි යටවත්ත කණ්ඩායම පරදවා නාඋල කොට්ඨාශයට ජය ලැබිය. (ලකුණු තත්වය 39/09)

යටවත්ත පිරිමි පිල ළහිරු රත්නායක විසින්ද නාඋල කාන්තා පිල සදුනි සසංනිකා පතිරණ විසින්ද මෙහෙයවන ලදහ.

 


කාන්තා ශූරතාව දිනු නාඋල පිල


අදහස් (0)

යටවත්ත – නාඋල කබඩි ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.