Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ප්‍රීමියර් ලීග් පාපන්දු තරගාවලියේදී රෙඞ් සන් ක්‍රීඩා සමාජයට එරෙහිව මීගමුව දොන් බොස්කෝ ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 6-4 ක් ලෙස ජය ගැනීමට මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය සමත් විය.
එහිදී ආර්.සී. ජෙරමි (48 වැනි, 50 වැනි සහ 65 වැනි මිනිත්තුවලදී), එච්.ජී.ආර්. ප්‍රියවංශ (35 වැනි සහ 39 වැනි මිනිත්තුවලදී) සහ කේ.ජී.අයි. මධුෂංක (5 වැනි මිනිත්තුවේදී) යන ක්‍රීඩකයෝ ජයග්‍රාහී මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගෝල ලබාගත්හ.
රෙඞ් සන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් එස්.කේ. උක්වත්ත 31 වැනි මිනිත්තුවේදීද, එල්.ඒ.ටී. බණ්ඩාර 76 වැනි මිනිත්තුවේදීද, ඒ.ඕ. ඔලුවෆෙමි 83 වැනි මිනිත්තුවේදීද, ඒ.ඩබ්ලිව්.පී. ජයරත්න 88 වැනි මිනිත්තුවේදීද ගෝල වාර්තා කළහ.
මෙම තරගයේදී මොරගස්මුල්ල ක්‍රීඩා සමාජයේ පී.කේ.පී. ගෝමස් සහ ඩී.ඒ.ඒ. ගෝමස්ද, රෙඞ් සන් ක්‍රීඩා සමාජයේ ඒ.ඕ. ඔලුවෆෙමිද කහ කාඞ්පත් ලැබූහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.