Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මේසපන්දු කණ්ඩායම හෙට අළුයම පිටත්ව යයි

මේසපන්දු කණ්ඩායම හෙට අළුයම පිටත්ව යයි

ශානුක අරවින්ද - 2019 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙසැම්බර් මස 1 වැනිදා සිට 10 වැනිදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම හෙට (30 වැනිදා) අළුයම දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

උදය රණසිංහගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිරිමි මේසපන්දු කණ්ඩායමට නිර්මල ජයසිංහ, ක්‍රිෂාන් වික්‍රමරත්න සහ චමීර ගිණිගේ යන ක්‍රීඩකයෝ ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකා කාන්තා මේසපන්දු කණ්ඩායමට එරන්දි වරුසවිතාන, අයිලා චිට්ටි සහ හංසනී පියුමිලා යන ක්‍රීඩිකාවෝ ඇතුළත්ව සිටින අතර ඉෂාරා මධුරංගි එහි නායකත්වය දරන්නීය.

කෙසේ වුවත් ඉකුත් සැප්තැම්බර් මස ඉන්දුනීසියාවේ පැවැති ආසියානු මේසපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ප්‍රවීණ ක්‍රීඩක රොහාන් සිරිසේන මෙන්ම ජිතාරා වර්ණකුලසූරියද දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමිකර ගැනීමට අපොහොසත් වී ඇත.

බුද්ධික දික්කුඹුර මහතා ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර සදිසි නිරාෂා මෙනවිය කලමණාකාරිණිය ලෙස කණ්ඩායමට ඇතුළත්ව සිටින්නීය.

2016 වසරේ ඉන්දියාවේදී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මේසපන්දු ක්‍රීඩාවෙන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 10 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.


ශ්‍රී ලංකා පිරිමි මේසපන්දු කණ්ඩායම
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය ක්‍රීඩා සමාජය), නිර්මල ජයසිංහ (මාස් ඉන්ටිමේට් ආයතනය), ක්‍රිෂාන් වික්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය ක්‍රීඩා සමාජය), චමීර ගිණිගේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) සහ සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල)

ශ්‍රී ලංකා කාන්තා මේසපන්දු කණ්ඩායම
ඉෂාරා මධුරංගි (වරාය අධිකාරිය), බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල), එරන්දි වරුසවිතාන (යුද හමුදාව), අයිලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල) සහ හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල)

 


අදහස් (0)

මේසපන්දු කණ්ඩායම හෙට අළුයම පිටත්ව යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.