Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මෙදුනකගේ දස්කම් විද්‍යාර්ථ විදුහල දිනවයි

මෙදුනකගේ දස්කම් විද්‍යාර්ථ විදුහල දිනවයි

editorial - 2020 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කෝට්ටේ ජනාධිපති විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර ගිරිඋල්ල වික්‍රමශිලා ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 9 ක ජයක් අත්කර ගැනීමට විද්‍යාර්ථ විදුහල සමත් විය.

එහිදී විද්‍යාර්ථ විදුහලේ මෙදුනක විජේතිලක ලකුණු 139 ක් රැස්කරමින් සහ ලකුණු 46 කට කඩුලු 5 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය.

කෝට්ටේ ජනාධිපති විදුහල් පළමු ඉනිම - ඕවර 39.1 කදී සියලු දෙනා දැවී 161
(ශෙනාල් කේශර 35, හේෂාන් ශානක 30, මෙදුනක විජේතිලක 46/5, අංජුල පත්මසිරි 23/3)

විද්‍යාර්ථ විදුහල් පළමු ඉනිම - ඕවර 67.1 කදී සියලු දෙනා දැවී 304
(මෙදුනක විජේතිලක 139, ශාමල් ප්‍රියභාෂණ 32, කවිෂ්ක තෙන්නකෝන් 32, හේෂාන් බණ්ඩාර 32, අෂේන් සේනානායක 26, වග ආරච්චි 63/5, පහන් බ්‍රිටෝ 72/4)

කෝට්ටේ ජනාධිපති විදුහල් දෙවැනි ඉනිම - ඕවර 27.4 කදී සියලු දෙනා දැවී 144
(ශෙනාල් කේශර 51, විකුම් කල්හාර 28, මෙදුනක විජේතිලක 51/6, අංජුල පත්මසිරි 33/2)

විද්‍යාර්ථ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 0.5 කදී කඩුල්ලක් දැවී 4

-036


අදහස් (0)

මෙදුනකගේ දස්කම් විද්‍යාර්ථ විදුහල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.