Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මිෂ්රා වෙනුවට ප්‍රවීන් ඩුබේ

මිෂ්රා වෙනුවට ප්‍රවීන් ඩුබේ

editorial - 2020 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වූ අමිත් මිෂ්රා වෙනුවට තවමත් ජාත්‍යන්තර වරම් හිමිකරගෙන නැති නවක පාදඟ පන්දු යවන්නකු වන ප්‍රවීන් ඩුබේ තෝරා ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තීරණය කර තිබේ.

අන්තර්ජාතික තරග ක්‍රීඩා කර නැතත් ඔහු තරුණයකු නොවේ. කර්නාටක කණ්ඩායම වෙනුවෙන් විස්සයි20 තරග 14 ක් ක්‍රීඩා කර ඇති ඩුබේ කඩුලු 16 ක් දවා ගැනීමට සමත්වී ඇත. කෙසේ වෙතත් දිල්ලි කැපිටල්හී සිටින රවිචන්ද්‍රන් අශ්වින්, අක්ෂර් පතෙල් සහ සන්දීප් ලැමිචාන් වැනි උසස් තත්ත්වයේ දඟ පන්දු යවන්නන් සමඟ උරෙන් උර ගැටීමට ප්‍රවින් ඩුබේට අවස්ථාව ලැබේ.

කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව ඔක්තෝම්බර් 3 වනදා සාජා හි පැවති තරඟයේදී ඇඟිල්ලේ ආබාධයකට ලක්වීමට පෙර අමිත් මිෂ්රා දිල්ලි කැපිටල්ස් පිල වෙනුවෙන් තරග 3 කට ක්‍රීඩා කළේය. අශ්වින් අබාධයකට ලක්වීම හේතුවෙන් 11 දෙනා අතරට එක්වූ මිෂ්රා, වඩාත් ජෙෂ්ඨ පන්දු යවන්නා වන අශ්වින් නැවතත් කණ්ඩායමට එක්වීමෙන් පසුව වුවද 11 දෙනා අතර තම ස්ථානය රැකගත්තේය.

මේ වන විට 37 හැවිරිදි වියේ පසුවන අමිත් මිෂ්රා ශල්‍යකර්මයකට මුහුණ දීමෙන් පසුව සුවය ලබා ඇති බව දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අනාවරණය කරයි. අයි.පී.එල්. තරග වලදී කඩුලු 160 ක් දවාගෙන ඇති මිෂ්රා, වැඩිම කඩුලු ලාභින්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසුවන්නේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගට වඩා කඩුලු 10 ක් පසුපසිනි.

ඉෂාන්ත් ෂර්මා, අමිත් මිෂ්රා සහ රිෂාබ් පාන්ට් ඇතුළු ඔවුන්ගේ ප්‍රධාන ක්‍රීඩකයින් ආබාධයන්ට ලක්වුවද, තරග 9 කදී ජයග්‍රහණ 7 ක් ලබාගනිමින් මෙවර අයි.පී.එල්. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දිල්ලි පිල සමත්ව සිටී.  ඩුබායිහිදි චෙන්නායි පිලට එරෙහිව පැවැති තරගයේදී ශීකර් ධවාන් සිය මංගල අයි.පී.එල් ශතකය ලබාගැනීමට සමත්වූ අතර අවසන් මොහොතේදී ක්‍රීයාත්මකවූ අක්ෂර් පතෙල් හයේ පහර 3 ක් එල්ල කරමින් අවසන් ඕවරයේදී සිය කණ්ඩායමට ජයග්‍රහණය ගෙන දීමට සමත්විය.


- 2079

 


අදහස් (0)

මිෂ්රා වෙනුවට ප්‍රවීන් ඩුබේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.